සානු නිර්මාණය වෙන්නේ මෙහෙමයි - Tech Gedara

Tech Gedara

Tech Gedara is your go-to Sri Lankan blog for insights on technology, education, science, and more. Discover practical guides, news, and tips tailored to empower Sri Lankan readers with the latest in tech and learning.

Breaking

Home Top Ad

Post Top Ad

Thursday, May 5, 2022

සානු නිර්මාණය වෙන්නේ මෙහෙමයි

සානු වලින් බොහොමයක් ම නිර්මාණය වී තිබෙන්නේ පෘථිවිය මතුපිට තිබෙන ස්ථායි භූමි ස්වභාවිකව භූවිද්‍යාත්මක උත්ක්ෂිප්ත වීම් වලට ක්‍රමිකව බදුන් වීමෙහි ප්‍රතිඵලයක් වශයෙනි. පොළොවේ විභේද ස්ථාන හරහා උත්ක්ෂිප්ත වීම් සිදුවේ. එමෙන්ම පැලුම් හරහා පහළට ගිලා බැසීමෙන් ද  සානු නිර්මාණය වේ. සමහර අවස්ථාවන්හිදී පෘථිවි පෘෂ්ඨයේ තැටි වේගයෙන් එකිනෙක ගැටීම නිසා ද කඳු අතර සානු නිර්මාණය වේ.


එමෙන්ම  ගිනිකඳු පිපිරීම් මගින් නිකුත් වන ලාවා පෘථිවිය මතුපිට විශාල ප්‍රදේශයක පැතිරීම නිසා ද සානු නිර්මාණය වී ඇත. භූගර්භ විද්‍යාත්මකව සානුවක් නිර්මාණය වීම කෙරෙහි බලපාන්නේ පතුල් පාෂාණයේ ස්වභාවයයි. පොළවට නිරාවරණය වී තිබෙන පාෂාණය හෙවත් පෘථිවි කබොලේ ඉහළින්ම තිබෙන පාෂාණ පතුල් පාෂාණ ලෙස හැඳින්වේ. එම පතුල් පාෂාණ සමාන නම් ඛාදනය වීමේ හැකියාවද සමාන මට්ටමක පවතී. එවැනි අවස්ථාවකදී සුළඟින් ජලයෙන් හා ග්ලැසියර මගින් පතුල් පාෂාණ ඛාදනය වීම නිසා සානු නිර්මාණය වේ. ඛාදනය නිසා නිර්මාණය වන සානු හඳුන්වන්නේ ඛාදිත සානු නමිනි. ඛාදනය නිසා දළ නිම්න හටගෙන ඇත්නම් විච්ඡින්න සානුව ද නැමි කඳු ආශ්‍රිතව පිහිටා ඇත්නම් ගිරි පාද සානු ලෙසද හැඳින්වේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages