අද අප දකින මිනිසුන් විවිධ යානා අභ්‍යවකාශය වෙත රැගෙන යන විශාල රොකට් යානා විද්‍යාඥයින් විශාල පිරිසකගේ වසර දහස් ගණනක් තිස්සේ සිදුකළ පරීක්ෂණ අත්හදා බැලීම ආදියෙහි ප්‍රතිඵලයකි.
අද වන විට රොකට් යානා මිනිස් වර්ගයා සඳ මතට රැගෙන ගොස් ඇති අතර ග්‍රාහක,වෙනත් ග්‍රහලෝක,ධුමකේතු මෘත මෙන්ම සෞරග්‍රහ මණ්ඩලයේන් පිටතට ද විවිධ යානා රැගෙන ගොස් ඇත. එමෙන්ම මිනිස් වර්ගයාගේ පැවැත්ම සදහා ද මෙවැනි රොකට්ටු වැදගත් විය හැක්කේ අනාගතයේ යම් දිනක පෘථිවිය මත ජිවය පැවැත්මට ගැටලු මතු වීමට ඉඩ ඇති බැවිනි.
චින ගිනිකෙළි (ක්‍රි,ව.100)
චින ජාතිකයන් විසින් වෙඩි බෙහෙත් නිපදවිමත් සමග ඔවුන් ගිනිකෙළි අතර අප අද අහස් කූරූ ලෙස හදුන්වන ගිනිකෙළි ද තිබුණි. වර්තමානයේ දී පවා මෙම ක්‍රමවේදයට බොහෝ සෙයින් සමාන ආකාරයට ක්‍රියාත්මක වන රොකට් යානා දැකගත හැක.
ක්‍රි.ව.1232
චීන ජාතිකයන් සිය "අහස් කූරු" වැඩිදියුණු කොට ඊතලවලට සවිකර ආයුධ වශයෙන් භාවිත කර ඇත. මෙම ප්‍රාථමික රොකට් යානා මොංගෝලියානු ආක්‍රමණිකයන්ට විරුද්ධව ක්‍රි.ව 1232 දී භාවිත කළ බවට සාක්ෂි පවති.
හැමෝම දන්න නිවුටන්
රොකට් යානාවල පොදුවේ භාවිත වන මූලධර්මය ඉදිරිපත් කරනු ලැබුවේ "නූතන විද්‍යාවේ පියා" ලෙස හදුන්වනු ලබන අයිසැක් නිව්ටන් 1642-1727) විසිනුයි.ඔහු විසින් සිය "ප්‍රින්සිපියා මැතමැටිකා" ග්‍රන්ථයෙන් ඉදිරිපත් කළ චලිත නියම අදටත් රොකට් විද්‍යාව සදහා වලංගු වේ.
සියල් කොව්ස්කිගේ රොකට් ක්‍රි.ව.1903
රුසියානු ජාතිකයෙකු වූ කොන්ස්ටන්ටයින් සියල්කොව්ස්කි (1887-1935) විසින් රොකට් යානා පිළිබද මුල්ම විද්‍යාත්මක අධ්‍යාපනය 1903 දී ප්‍රකාශයට පත්කරන ලදි.ද්‍රව ප්‍රචාලන රොකට් එන්ජින්,අභ්‍යවකාශ මධ්‍යස්ථාන ආදිය පිළිබඳව අදහස් ඉදිරිපත් කළ මොහුන් "පරිපුර්ණ රොකට් සමීකරණය" වර්තමානයේ දි ද භාවිත කරනු ලබයි.
ද්‍රව ප්‍රචාලන රොකට්ටු - ගොඩාර්ඩ් - ක්‍රි.ව. 1926
ඇමරිකානු විද්‍යාඥයකු වූ රොබට් ගොඩාර්ඩ් විසින් ද්‍රවමය ඉන්ධන මගින් ක්‍රියාත්මක වන මුල්ම රොකට්ටුව 1926 දී අත්හදා බැලීය. මෙම රොකට්ටුව මීටර 12ක උසකට ගමන් කළ අතර මේ හේතුවෙන් රොබට් ගොඩාර්ඩ් "නූතන රොකට් විද්‍යාවේ පියා" ලෙස හැදින්වේ.
අභ්‍යාවකාශය වෙත - 1944 (V2)
දෙවන ලෝක යුද්ධ සමයේ දී ජර්මානූවිද්‍යාඥයෙකු වූ වර්ණ වර්නර් වොන් බ්‍රෝන් විසින් ලන්ඩන් නගරය වෙත පහර දීම සදහා නිපදවු මිසයිලය 1944 වසරේ දී අභ්‍යවකාශය (කර්මන් රේඛාව 100km) වෙත ළගා වූ මුල්ම රොකට්ටුව බවට පත්විය. යුද්ධය අවසන් වූ පසු ඇමරිකාව හා සෝවියට් සංගමය V2 රොකට් යානා තම රටවල් වෙත ගෙන ගොස් අභ්‍යාවකාශ වැඩසටහන් සදහා යොදා ගැනුණි.
පළමු ගමන් සගයා - 1957
1957 වසරේ ඔක්තෝබර් 04 දින ලොව මුල්ම කෘතිම චන්ද්‍රිකාව ස්පුට්නික්-1 සෝවියට් සංගමය විසින් කක්ෂගත කරනු ලැබුණී. 84kg බරැති මෙම චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමත් සමග අභ්‍යාවකාශ තරගය ආරම්භ විය. දෙමසකට පසු සෝවියට් "ස්පුට්නික් 2" කක්ෂගත කළේ ලයිකා නම් බැල්ල සමගිනි. අභ්‍යාවකාශයට ගිය පළමූ ජිවියා වන්නේ ලයිකා බැල්ලයි.
ඇය අභ්‍යාවකාශයේ දී මියගිය ද මිනිසාට අභ්‍යාවකාශයට මග පෑදිමේ ගෞරවය ඇය සතුය. තවත් දෙමසකට පසු ඇමරිකාව විසින් "එක්ස්ප්ලෝරර් 1" චන්ද්‍රිකාව ගුවන්ගත කරන ලදි. මෙය ඇමරිකා එක්සත් ජනපදයේ මුල්ම චන්ද්‍රිකාව වූ අතර මෙහි තිබූ ගයිගර් ගණක යුගලය මගින් වෑන් ඇලන් විකිරණ කලාප සොයාගන්නා ලදි.
(රොකට් යානා - ජුනෝ)
ගගාරින්ගේ ආරම්භය - 1961
1961 අප්‍රේල් 12 දින සෝවියට් ගගනගාමියෙකු වූ යූරි ගගාරින් පෘථිවිය වටා කක්ෂගත වූ මුල්ම මිනිසා බවට පත්
විය.
ඔහු සිය "වොස්ටොක් 1" යානයෙන් පෘථිවිය වටා එක් වටයක් ගමන් කළේය.
මසකට පසුව ඇමෙරිකානු ගගනගාමි ඇලන් ෂෙපර්ඩ් අභ්‍යවකාශ ගතවූ පළමු ඇමරිකානුවා බවට පත්වූයේ "මර්කරි" ව්‍යාපෘතියේ "ෆ්‍රීඩම් 7" යානයෙහි.
මෙහිදි පෘථිවිය වටා කක්ෂගත විමක් සිදු නොවුණි.(රොකට්ටුව - මර්කරි රෙඩ්ස්ටෝන්) 1962 වසරේ පෙබරවාරි 20 දින ගගනගාමි ජෝන් ග්ලේන් පෘථිවිය වටා කක්ෂගත වූ මුල්ම ඇමරිකානුවා බවට පත්විය. මොහු ගමන්කල යානය "ෆ්‍රෙන්ඩ්ෂිප් 7" නම් වේ.(රොකට්ටුව - මර්කරි ඇට්ලස්)
No comments:
Post a Comment