මේ ලෝකයේ උණුසුම් නගරයි - Tech Gedara

Tech Gedara

Tech Gedara is your go-to Sri Lankan blog for insights on technology, education, science, and more. Discover practical guides, news, and tips tailored to empower Sri Lankan readers with the latest in tech and learning.

Breaking

Home Top Ad

Post Top Ad

Thursday, May 5, 2022

මේ ලෝකයේ උණුසුම් නගරයි


ලෝකයේ වැඩිම භූමි ප්‍රදේශයක වැසී ඇත්තේ ජලයෙනි. ඉතිරිව ඇති ගොඩ බිම් ප්‍රමාණයෙන් ද බොහෝ ප්‍රදේශයක් වෙලා ගෙන ඇත්තේ දැඩි සීතලෙන් හා උණුසුමිනි. ඒ අනුව බලන කල මිනිස් වාසයට සුදුසු  භූමි ප්‍රමාණය අල්පය. ලෝකයේ වියළි ප්‍රදේශ අතරින් දැඩි උණුසුමක් සහිත ප්‍රදේශවල ද මිනිසුන් ජීවත් වේ. මේ එවැනි දැඩි උණුසුම් සහිත නගර පිළිබඳ සටහනකි.


කෙබිලි


 උසස් තත්ත්වයේ රටඉඳි සඳහා ප්‍රසිද්ධියක් උසුලන කෙබිලිi නගරය වසර 200,000  ට වඩා

පැරණි ඉතිහාසයකට උරුමකම් කියයි. ටියුනීසියාවේ  පිහිටි මෙම නගරය සැලකෙන්නේ

කාන්තාරයේ පිහිටි ක්ෂේම භූමියක් ලෙසිනි.  මෙතෙක් වාර්තා වී ඇති උපරිම උෂ්ණත්වය

ෆැරන්හයිට් අංශක 131 කි. නගරය හරහා හමා යන උණුසුම් වියළි සුළඟ උෂ්ණත්වය තවත්

වැඩි කරවයි. කෙතරම් උෂ්ණත්වයක් මෙම නගරය

වෙලා ගත්තද එහි ජීවත් වන ජනගහනය 18 000 ට අධික ය. 

ඉපැරැණි ඉතිහාසයකට උරුමකම් කියන බැවින් මෙහි වැසියෝ එම ශුෂ්ක තත්ත්වය ඔරොත්තු

දෙන පරිදි ජීවනරටාව හැඩගස්වා ගෙන සිටිති. ඔවුහු පරිභෝජනය සඳහා අවශ්‍ය ජලය රැස්කර

තබා ගෙන ඇති අතර කය වෙහෙසා වැඩ වල ද නිරත වෙති.

ගාඩමෙස්

              

යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙසට නම් කරන ලද මෙම නගරය ලිබියාවේ

පිහිටියකි. ගාඩමෙස් නගරයෙන් වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 131 කි.

කාන්තාරයක් මැද පිහිටි ක්ෂේම භූමියක් ලෙස පෙනෙන මේ නගරයෙහි ජීවත් වන ජන

කොටසක් වේ. එම ස්වදේශික ජනතාව බර්බර්වරුන් ලෙස හැඳින්වෙයි. ඔවුන්ගේ නිවාස

උෂ්ණත්වයට ඔරොත්තු දෙන පරිද්දෙන් නිමවා තිබේ. බිත්ති ඝනකම් මැටියෙන් සාදා ඇති අතර

වහලය සෙවිලිකර ඇත්තේ විවිධ ශාක පත්‍ර වලිනි. සෑම නිවසකම වහලය එකිනෙකට

සම්බන්ධ වන ලෙස සකස් කිරීම මෙහි ඇති විශේෂත්වයයි. එමෙන්ම මෙම නගරයේ මහා මාර්ග ද

ආවරණය කර තිබෙනු දක්නට හැකිය. එමගින් නගර වැසියන්ට සෙවන ද ආරක්ෂාව ද නොඅඩුවම ලැබේ.

මරණයේ තැනිතලාව


ඩෙත් වැලි හෙවත් මරණය තැනිතලාව ඇමරිකා එක්සත් ජනපදයේ ඇති නගරයකි.

මෙම නගරය ඇමරිකාවේ පිහිටි වියළීම බවින් වැඩිම පහත්ම තැනිතලාවයි. මෙම පළාතේ

සාමාන්‍ය උෂ්ණත්වය සරණයි අංශක 120 කි. එහෙම උෂ්ණත්ව ධාරිතාවය ෆැරන්හයිට් අංශක 125

ළං වූ විට මෙම තැනිතලාවේ පිහිටි සියලුම නවාතැන් පොළවල් වසා දමයි. මරණයෙ තැනිතලාව

අධික උෂ්ණත්වයක් වාර්තා කළේ 1913 ජූලි දහ වැනිදාය. එය ෆැරන්හයිට් අංශක 134 කි. 

එල් අසිසියා 


මෙය අරාබි රාජ්‍යට අයත් නගරයකි. ලෝකයේ මෙතෙක් පැවැති ඉහළම උෂ්ණත්වය ඇති නගරයට

හිමි වාර්තාව හිමිකර ගන්නේ මෙම නගරයයි. මෙම නගරයෙන් වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය

පැරන්හයිට් අංශක 136 කි. නැතහොත් සෙල්සියස් අංශක 58 කි. මෙම නගරය ලෝකයේ වැඩිම

උණුසුමක් සහිත නගරය වුවද එහි ජීවත් වන ජනගහනය 300,000  ඉක්මවන බව වාර්තා වේ.


ටිම්බුක්ටු

 මාලි රාජ්‍යයේ පිහිටි ටිම්බුක්ටු නගරය අධික උෂ්ණත්වයකින් යුත් තවත් නගරයකි. එය සහරා කාන්තාරයේ දකුණු දෙසින්ද  නයිජර් නදියෙන්  සැතපුම් 10 පමණ ඈතින් ද පිහිටි නගරයකි. මෙම නගරය මුළුමනින්ම පාහේ වට වී තිබෙන්නේ විශාල වැලි  කඳුවලිනි. ඒ නිසා නිරතුරුවම නගරය දූවිල්ලෙන් වැසී තිබේ. මෙම නගරයේ උෂ්ණත්වය කෙතරම්දයත් දෙසැම්බර් ජනවාරි අතර එළඹෙන ශීත ඍතුවේ දී පවා ෆැරන්හයිට් අංශක 90 ක උෂ්ණත්වයක් වාර්තා වේ. මෙම නගරයෙන් වාර්තා වී ඇති උපරිම උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක එකසිය 130.10 කි. උෂ්ණත්වයේ දැඩි බව නොතකා මෙහි ජීවත්වන පිරිස 40,000 ට ආසන්න වෙයි.

ටිරාම් ටිස්මි

ආසියාවේ පිහිටි උණුසුම්ම නගරයට හිමිකම් කියන ටිරාම් ටිස්මි ඊශ්‍රාලයට අයත් නගරයකි. එම ප්‍රදේශයෙන් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 129 කි. මෙම නගරයෙහි තව ද විශේෂත්වයක් වන්නේ එය මුහුදු මට්ටමේ සිට මීටර් 220  පහතින් පිහිටා තිබීමයි. මෙය කෙතරම් උණුසුම් නගරයක් වුවද ඊශ්‍රායලයේ රට ඉඳි නිෂ්පාදනයට වැඩිම දායකත්වයක් ලබාදෙන්නේ මෙම නගරයයි. එසේම මෙහි කුඩා ප්‍රමාණයේ සමූහ ගොවිපලවල් දක්නට ලැබීමද විශේෂ ලක්ෂණයකි. මෙම නගරයේ ජීවත් වන ජනගහනය 645 ක් පමණ වේ.

අවාශ් 

ඉරානයේ අවාශ් නගරය දැඩි උණුසුම් නගරයක් වනවාසේම මුහුදු මට්ටමට වඩා පහළින් පිහිටි

නගරයකි. මෙම නගරයේ ෆැරන්හයිට් අංශක 128 ක උෂ්ණත්වයක් වාර්තා වී ඇති අතර වාර්ෂික

වර්ෂාපතනය අඟලකටත් වඩා අඩුය. මේ ජීවත් වන මිනිසුන් දහවල් කාලයේ වැඩිපුර නිදා ගනී.

සවස් කාලයේ වැඩපළ වල යෙදේ. දහවල ඇති අධික උෂ්ණත්වය නිසා ම කඩ සාප්පු ද වසා දැමීම

සිරිතකි. විදුලි පංකා ආධාරයෙන් පහසුකම් සලසා ගන්නා මොවුන් නිවෙස් තුළටම වී වාසය කරති.

වාඩි හල්ෆා 


සුඩානයට අයත් වාඩි හල්ෆා නගරය සුඩානයේ ඉහළ කොටසේ ඊජිප්තු දේශ සීමාව අසල පිහිටා

තිබේ.  අරාබි බසෙහි මිටියාවත යන අදහස ඇති වාඩි හල්ෆා හි වාර්තාගත උෂ්ණත්වය

ෆැරන්හයිට් අංශක 127කි. උතුරු සුඩානයේ අධික වියළි කාලගුණයක් හටගන්නා විට තෙතමනය

සහිත දකුණු දිග සුළං දහරා දේශසීමාව අසලට ළඟා වේ. එවිට ඇතිවෙන වැලි කුණාටු ඉතා

ප්‍රචණ්ඩය. " හබුබි" නමින් හැඳින්වෙන එම වැලි කුණාටු වාඩි හල්ෆා  වසා ගනියි. මෙම

නගරයේ ද 15000 කට ආසන්න පිරිසක් ජීවත් වේ.





No comments:

Post a Comment

Post Bottom Ad

Pages