ස්පොටඩ් හයිනා
spotted Hyena
Crocuta crocuta
දඩයම සදහා පිවිසෙන විට රැළේ අනෙක් හයිනාවන් ට සංඥා ලබා දෙමින් එකිනෙකා එකතු කර ගනිමින් විශාල කන් පිහිටා ඇත්තේ ඊට පහසුවටයි.
අප්‍රිකානු සිංහයාගෙන් පසුව අප්‍රිකානු කලාපය තුල වෙසෙන විශාලතම මාංශභක්ෂකයා ලෙස ස්පොටඩ් හයිනා සැලකෙයි. මෙම හයිනාවා පිට කරන අමුතු ශබ්දය සහ මුහුණේ ඉරියව්ව නිසා සිනාසෙන හයිනාවා ලෙසින් ද ලෙසින්ද ප්‍රසිද්ධියට පත්ව ඇත. මෙම ශබ්දය නිකුත් කරන්නේ ආහාරයක් ඇති විටදීය.
ස්පොටඩ් යනු තිත් සහිත යන්නයි. අළු පැහැයට හුරු දුඹුරු පැහැයෙන් යුත් සමක් ඇත ඊට පිටින් පිහිටුණු කෙස් වැටියක් බෙල්ලෙ සහ පිටුපස ඇත. සම මතුපිට තද පැහැති තිත් ඇත. ගැහැණු සතුන් පිරිමි සතුන්ට වඩා තරමක් විශාල ය. මෙම හයිනාවන් ට ඇති ප්‍රධානතම තර්ජනය සිංහයා ය.
ප්‍රදේශ - උප සහරා අප්‍රිකානු කලාපයේ තෘණභූමි, සැවානා, සහ අර්ධ කාන්තාර
ආහාර - සීබ්‍රාවන්,කැලෑ ගවයන් වැනි සතුන්
දිග - අඩි 4යි , අගල් 6ක් පමණ
බර - 70Kg පමණ
ආර්ඩ්වුල්ෆ්
Aardwolf
Proteles cristata
හයිනාවුන්ට සිය ආහාරයෙන් 95% කට ආසන්න ප්‍රමාණයක් ලැබෙන්නේ ඔවුන් ගොදුරු කර ගන්නා සතුන් ගෙනි.
හයිනාවන් ච්ම්පන්සි සතුන්ටත් වඩා වැඩි බුද්ධිමත් බවක් සහිත සතුන් බව සොයා ගෙන ඇත. එහිදී ගැටලු විසදීමේ හැකියාව ද හරිනාවන්ට ඇත.
කහ පැහැයට හුරු සුදු පැහැයක් සිරුරේ ඇත. සිරුර තද පැහැති සිරස් ඉරි දැක ගත හැකිය. බෙල්ල වටා සහ සිරුරේ පිටුපසට වන්නට කේසර වැනි ලොම් පිහිටීමක් දැක ගත හැකිය. මේ හේතුවෙන් ආර්ඩ්වුල්ෆට විශාල සහ බියකරු පෙනුමක් හිමි වී ඇත. පිටු පස ගාත්වලට වඩා ඉදිරිපස ගාත් තරමක් දිගය. මිනිසුන් සහ සුනඛයන් නිසා තර්ජනයට ලක්ව ඇත.
ප්‍රදේශ - නැගෙනහිර සහ දකුණු අප්‍රිකානු කලාපයේ
ආහාර - වේයන්,කුඩා ප්‍රමාණය කෘමීන් යනාදිය
දිග - අඩි 2යි , අගල් 6 පමණ
බර - 20kg
බ්‍රවුන් හයිනා
Brown Hyena
Parahyaena brunnea
පිරිමි හයිනාවන් ඉපැදී වයස අවුරුදු දෙකක් පමණ වන විට පවුලෙන් වෙන්ව තනිව දඩයම් කරගෙන ජීවත් වීමට උත්සහ දරයි.
සිරුරේ ඇති දුඹුරු පැහැය නිසා මෙම නම ලැබී ඇත. බෙල්ලෙ සමීපයේ සුදුපැහැ ලොම් කොටසක් දැක ගත හැකිය. පපුවේ සිට පාද දක්වා ලාදුඹුරු පැහැති පටි ඇත. තිත් සහිත හයිනාවන් ට වඩා අඩුවෙන් ව්‍යාප්තව සිටි. 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් ලෙස වාසය කරයි.
ප්‍රදේශ - දකුණු අප්‍රිකාවේ තෘණභූමි, අර්ධ කාන්තාර , සැවනා ප්‍රදේශ
ආහාර - කුරුල්ලන් සහ කුඩා ප්‍රමාණයේ ක්ෂිරපායි
දිග - අඩි 4 අඟල් 6 ක් පමන වේ.
බර - 47kg
ස්ට්‍ර්ප්ඩ් හයිනා
Striped Hyena
Hyaena hyaena
ඉපැරණි ඊජිප්තු වැසියෝ මෙම ස්ට්‍ර්ප්ඩ් හයිනාවන් හීලෑ කර නිවෙස් තුල ඇති කිරීමට ද යොදා ගත් බව පැවැසෙයි. එහෙත් එය එතරම් කලක් පැවතී නැත.
තම සතුන්ගෙ කුඩා පැටවුන් දඩයමට හයිනාවන් වැඩි කැමැත්තක් දක්වයි. සිංහ පැටවුන් දඩයමට හයිනාවන් බොහෝ දක්ෂය. සිංහයා සහ හයිනාවන් විරුද්ධවාදීන් බවට පත්වීමට මෙය හේතුවකි.
පිරිමි සතුන්ට වඩා ගැහැණු සතුන්ගේ සිරුරේ වැඩිපුර ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය ඇත. ඒ නිසා පිරිමි සතුන්ට වඩා 30% පමණ ඔවුන් විශාල ය.
ස්ට්‍ර්ප්ඩ් යන ඉරි හෝ පටි යන්නයි. සිරුරේ පාදවල සහ බෙල්ලේ එක් අතකට වැටුණු අළු පැහැයේ සිට ලා දුඹුරු පැහැයක් ගන්නා ඉරි ඇත. ඒ නිසාම නම ලැබී ඇත. මෙම සතුන්ගේ හකු වඩා ශක්තිමත්ය. ඕනෑම ඝනකම් අස්ථියක් කඩා දැමීමේ හැකියාව ඇත. අලුත් ගොදුරු සොයා ගැනීමය ඉවක්ද සහිත ය.
ප්‍රදේශ - අප්‍රිකාවෙහි සහ දකුණු සහ බටහිර ආසියාවේ කදුකර, තෘණභූමි
ආහාර - උරගයන් , කෘමින් සහ පළතුරු,මිය ගිය සතුන්
දිග - අඩි 3 යි අඟල් 3 පමණ
බර - 40kg
අප්‍රිකානු සහ ආසියානු කලාපයේ දැකගත හැකි හයිනා සතුන් වනාන්තරයේ කසළශෝධකයන් ලෙසද හැදින්වේ. සිංහයන් හෝ දිවියන් වැනි සතුන් දඩයම් කරන සතුන්ගේ මළකුණු ඔවුන් ආහාරයයි. ඒවායේ සෑම කොටසක්ම පාහේ බුදීමට මෙම හයිනාවන් හැකිය. ඒ සඳහා සුදුසු ලෙස ඔවුන්ගේ හකු සහ අස්ථි ද සැකසී ඇත.
No comments:
Post a Comment