ඩයිනසෝරයන්ගේ පොසිල දැක ගැනීමට නම්, ඔබ යා යුතු වන්නේ කෞතුකාගාරයටය. ඒත් ඩයිනසෝරයන්ගෙන් පැවත එන්නන් දකින්න නම් යන්න ඔබේ ගෙවත්තට. ඔවුන් තමා කුරුල්ලෝ. මෙය බටහිර කියමනකි. ඩයිනසෝර Deiosar යන්නෙහි අර්ථය "බිහිසුණු උරගයා" යන්නයි. එය Deinos සහ sauros ලතින් වදන් දෙකකින් සෑදුනකි. Deinos යනු බිහිසුණ යන්නයි. Sauros යනු උරගයාය. බැලූ බැල්මට අද අප දකින පක්ෂීන් එසේත් නැත්නම් කුරුල්ලන් යෝධ ඩයිනෝසරයන් තමයි බිහිසුණු නොවුනත්, විද්‍යාඥයන්ගේ විශ්වාසය වී ඇත්තේ එක් පුංචි මාංශභක්ෂක ඩයිනසෝරයන්ගෙන් කුරුල්ලන් පරිමාණය වූ බව ය.
කුරුල්ලන්ට නෑකම් කියන, උරගයන් බඳු මේ දැවැන්තයන් මිහිමතින් සමු ගත්තේ අවුරුදු මිලියන 65 කට පෙරය. වසර මිලියන 230කට සහ 66 කට පෙර පෘථිවියේ රජ කළ ඩයිනසෝරයන් ගැන කුතුහලය සහ උනන්දුව කවදාවත් අපෙන් ගිලිහී නොයයි. "how it works" නැමැති විද්‍යා සඟරාව ඩයිනෝසරයන් ගැන දන්නා නොදත් කරුණු රැසක් ඉදිරිපත් කර ඇත. එම කරුණු පසුගිද බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් වෙබ් අඩවියේ පළවී තිබිණි. මෙම සටහනට පාදක වන්නේ එම තොරතුරුය.ප්
පරමායූෂ
ඇතැම් ඩයිනෝසරයන් අවුරුදු 300 ක් ජීවත් වුන බව ඇසුවොත් ඔබ පුදුම වේවි නේද? ඒත් ඒක හැබෑව. මෙසේ පවසන්නේ how it works විද්‍යා සඟරාවට එම ලිපිය සැපයූ ලෝරා මියර්ස් ය. මේ බව අනාවරණය වී ඇත්තේ පොසිල ජීව විද්‍යාඥයන් පොසිල සාක්ෂි ඇසුරින් කළ සොයා ගැනීම් වලට අනුව ය. වැඩි ආයු ආයුකාලයක් ඇත්තේ අචලතාපී ජීවීන්ටය. ඒ සිරුරේ උෂ්ණත්වය අවට පරිසරයට අනුව අඩු වැඩි කර ගනිමින් වෙනස් කර ගැනීමට හැකි නිසාය. ඩයිනසෝරයන් පෙනුමෙන් උරගයන් මෙනී. වර්තමානයේ අප දකින උරගයන් උෂ්ණත්වය වෙනස් කර ගැනීමට නොහැකි චලතාපී ජීවීන්ය. යෝධ ඩයිනසෝරයන් අවුරුදු 300 ක් ජීවත් වූයේ නම් ඔවුන් අචලතාපී ජීවීන් විය යුතුය.
දැවැන්තයා
විශාලතම ඩයිනසෝරයා මොකෙක්දැයි තවමත් හරිහැටි නොදනි.ඊට හේතුව දිනෙන් දින නව ඩයිනසෝර් විශේෂ සොයා ගැනීමට පොසිල විද්‍යාඥයන් සමත් වීමය. මෙතෙක් සොයාගෙන ඇති ඩයිනසෝරයන් අතරින් දැවැන්තයා වන්නේ ටොන් 70ක් බර ආජෙන්ටිසොරස් නැමැති ශාක භක්ෂක යාය. මේ දැවැන්තයා අවුරුදු මිලියන 97 ත් 94 අතර ජීවත් වෙන්න ඇතැයි අනුමාන කෙරේ. දිග මීටර් 40 කි. උස මීටර් 7 කි.
මුල්ම ඩයිනසෝරයා
විද්‍යාත්මකව පළමුවරට ඩයිනසෝරයෙකු හඳුනා ගැනුණේ 1824 දී විලියම් බක්ලන්ඩ් විසිනි. එම ඩයිනසෝරයා මෙගැලසෝරස් ය. ඔක්ස්ෆර්ඩ් ගල් වළකින් පොසිල අස්ථි හමුවිය. කෙසේ නමුත් පොසිල අස්ථි සොයා ගෙන තිබුණේ මහාචාර්ය රොබට් ප්ලොට් ය. ඔහු ඔක්ස්ෆර්ඩ් විශ්ව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වරයෙකි. ඔහුට පොසිල අස්ථි හමුවී තිබුණේ 1677 වසරේදීය. විලියම් බක්ලන්ඩ් ඩයිනසෝරයන්ට ඩයිනසෝර් යනුවෙන් නම් තැබුවේ ද ඊට ශතවර්ෂ ගණනාවකට පසු ය.
මහා ව්‍යසන දෙකක්
අවුරුදු මිලියන 66 කට පෙර, මහා ව්‍යසන දෙකකින් මිහිමත ජීවය වද වී ගිය බව පොසිල සාක්ෂි වලින් අනාවරණය වී ඇත. එහෙත් මෙම මහා ව්‍යසන දෙකෙන් පණ බේරා ගැනීමට ඩයිනසෝරයෝ සමත් වූහ. කුඩා ඩයිනසෝරයන් ඇතුළු වෙනත් ගොඩබිම් සතුන් වද වී ගියත් යෝධ ඩයිනසෝරයන් නොනැසී ජීවත් වුණු බව පොසිල සාක්ෂි වලින් තහවුරු වීණත් පියාබන්න බෑ
තටු තිබුණත් පියාබන්න බෑ
ජුරාසික් පාක් චිත්‍රපට මාලාවේ මෙන්ම නවතම ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටයේද "වෙලෝසිරැප්ටර්" නැමැති දෙපයින් කළ මාංශභක්ෂක ඩයිනසෝරයන් අතිශයින් ජනප්‍රියය. නමුත් මොවුන් පමණක් නොව සෙසු ඩයිනසෝරයන් ද උරගයන් වැනි කොරල සහිත ඩයිනසෝරයන් යැයි මුල් ජුරාසික් පාක් චිත්‍රපට වල දකින්නට ලැබේ. මෙය වැරදි බවත් රැප්ටරයන් පිහාටුවලින් සුසැදි වර්ණවත් ජීවීන් කොට්ඨාශයක් බවත් පොසිල විද්‍යාඥයෝ පෙන්වා දෙති. පිහාටු දකින්න ලැබුණත් මොවුන්ටද පියෑඹීමට හැකියාවක් නොතිබුණි.
යුග දෙකක්
ටී රෙක්ස් සහ ස්ටෙගෝසෝරස් යන ඩයිනසෝරයන් ජීවත් වූයේ වෙන වෙනම යුග දෙකකදී බව පැවැසෙයි. ස්ටෙගෝසෝරස් යනු පිට දිගට දියමන්ති හැඩැති කටු ඇති දෙපයින් ගමන් කළ ශාක භක්ෂක දැවැන්තයෙකි. ස්ටෙගෝසෝරස් ජීවත් වූයේ ජුරාසික් යුගයේ ය. ඔවුන් වද වී ගොස් අවුරුදු මිලියන 80 ගත වෙද්දී ටී රෙක්ස් මෙලොව පහළ වී ඇතැයි අනාවරණය වී ඇත.
ටයිරැනෝසෝරස් රෙක්ස්
ඩයිනසෝර විශේෂ අතරින් වඩාත් ජනප්‍රිය ඩයිනසෝරයා ලෙස ටයිරැනෝසෝරස් රෙක්ස් හැදින්විය හැකි ය. පසුපස පාද වලින් ගමන් කළ තෙරපොඩ් ඩයිනසෝරයින් අතරින්, ටයිරැනෝසෝරස් පවුලේ විශාලතමයා ලෙස සැලකෙන්නේද ටයිරැනෝසෝරස් රෙක්ස් ය. උස මීටර් 4.6 ක් 6.2වෙයි. බර ටොන් 9කි. ඇමරිකාවේ ඇල්බර්ටා,වයෝමින්,යූටා,ටෙක්සාස්,ඔන්ටැනියෝ, කොලරාඩෝ,මොන්ටැනා ආදී ප්‍රාන්තවල සිදු කළ කැණීම්වලින් ටයිරැනෝසෝරස් රෙක්ස් පොසිල අස්ථි සොයා ගෙන ඇත.
ආයුකාලය අවුරුදු 30ක් පමණ ය. සමබරතාවය රැකගැනීමට යෝධ වලිගය උපකාරී විය. ටයිරැනෝසෝරස් රෙක්ස්ගේ දත් ඉතා තියුණුය. උල්ය. ගොදුරු කර ගන්නා සෙසු ඩයිනසෝරයන් පොඩිපට්ටම් කරමින් සපා කෑමට අස්ථි සැකසී ඇත. හිස් කබල සහ බෙල්ලේ අස්ථි අනුව,අනෙක් මාංශ භක්ෂක ඩයිනසෝරයන්ට වඩා ටයිරැනෝසෝරස් රෙක්ස්ගේ බෙල්ලේ මාංශපේෂින් ශක්තිමත්ව තිබුණැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති.
වසර මිලියන අනුව හතකට පෙර, ක්‍රිටෙයිසිය යුගයේ එවකට පැවති ආක්ටික් කලාපය හා ඒ අවට ජීවත් වුණු පසුපස ගාත්‍රා වලින් ද ගමන් කළ දැවැන්තයෙකි. උතුරු ඇමරිකාවේ, ඊජිප්තුවෙන් සහ අසල්වාසී රටවල් වලින් ස්පයිනසෝරස් පොසිල අස්ථි හමු වී ඇත මේ සත්වයාගේ මුහුණ කිඹුලෙකුගේ මෙනි. ටයිරැනෝසෝරස් රෙක්ස්ගේ මෙන් නොව,තියුණු නිය සහිත මේ සත්ත්වයාගේ අත් ද ගොදුරු අල්ලා ගැනීමට භාවිත කළ බව අත් වල අස්ථි පිහිටීමෙන් සහ ඒවායේ දිග අනුව සොයාගෙන ඇත. මේ සත්ත්වයාගේ ඇති සුවිශේෂී ලක්ෂණයක් නම් පිටෙහි ඇති විශාල රැවුල ය. මේ මාංසමය කොටසකි. මේවා හරියට වවුලෙකුගේ හෝ හම්බාවකුගේ පියෑඹීමට සැකසුණු පියාපත් වැනි ය.කූරු වැනි අස්ථි සහ මස්වලින් මෙම රැවුල නිර්මාණය වී ඇත. ස්පයිනසෝරස් සුපිරි විලෝපිකයෙකු යැයි පොසිල විද්‍යාඥයෝ නම් කර ඇත. ස්පයිනසෝරස් යනු පිටේ "රැවුලක් ඇත්තා" යන්න ය.
ඇලෝසෝරස්
ඇලෝසෝරස් යන්නෙහි අර්ථය 'වෙනස් විදියේ' ඩයිනසෝරයා යන්නයි. ජුරාසික් යුගය අවසානයේ බහුලව දකින්න ලැබුණයි පොසිල විද්‍යාඥයෝ විශ්වාස කරන්නේ මෙම ඩයිනසෝරයා. තියුණු දත් ඇත . උස මීටර් 4.3 කී දිග මීටර් 9 ත් 12 ත් අතර ය. බර ටොන් 2.3 කි. ඇලෝසෝරස් ඩයිනසෝරයෙක්ගේ හිස් කබලක් මුලින්ම හමු වුණේ අවුරුදු 100 කට පෙර ය. නමුත් එය නිවැරැදිව හඳුනා ගැනීමටත් පොසිල විද්‍යාඥයන්ට හැකි වූයේ පසුවය. වර්තමානයේ අප දකින කොමෝඩෝ මකරුන් මෙන්, ඇලෝසෝරස් ඩයිනසෝරයන් රංචු වශයෙන් දඩයමේ ගිය බව පැවසෙයි.
යුටාරැප්ටර්
ඩෝමියෝසොරිඩ්ස් ඩයිනසෝර පවුලේ විශාලතම සාමාජිකයාය.මිහිමීට ඇවිද ගිය විශාලතම රැප්‍ටර් ඩයිනසෝරයා මේ සත්ත්වයා ය. ජුරාසික් පාක් චිත්‍රපට ත්‍රිත්වයේත් නවතම ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටියෙත් දකින්න ලැබෙන්න වැලොසිරැප්ටරයෝ යන මෙන්ම යූටාරැප්ටරයාගේ ඥාතීහු ය. වැලොසිරැප්ටරයන්ගේ මෙන්ම යුටාරැප්ටර්ගේ ද පාදවල තියුණු වක ගැසුණු නිය දකින්න ලැබේ. දඩයම් කරද්දි අල්ලා ගන්නා ගොදුරු තදින් අල්ලා ගැනීමටත්, සූරා තුවාල සිදු කිරීමටත් මෙම තියුණු නිය යොදාගත් බව පොසිල විද්‍යාඥයෝ පැහැදිලි කරති. ප්‍රමාණයෙන් විශාල වීමට අමතරව යුටාරැප්ටර් සම්බන්ධ සුවිශේෂී කාරණාවක් නම් මේ සත්ත්වයා ජීවත් වූයේ ක්‍රිටෙයිසිය යුගයේ ආරම්භයේය. මොවුන්ද දඩයම් කලේ රංචු වශයෙනි.
ජයිගැන්ටෝසෝරස්
මාංශභක්ෂක විලෝපීය ඩයිනසෝරයන් අතරින් නපුරුම මෙන්ම බිහිසුණුම ඩයිනසෝරයා යැයි පොසිල විද්‍යාඥයන් විසින් හදුන්වා දෙන්නේ ජයිගැන්ටෝසෝරස්ය. අඅනෙක් මාංශභක්ෂක විලෝපීය ඩයිනසෝරයන් සිව්දෙනා පරදා නපුරුම ඩයිනසෝරයා ලෙස මෙම සත්වයා සැලකිය හැකි බව පොසිල සාක්ෂි වලින් අනාවරණය වී ඇත. මේ සත්වයා ඌට වඩා සත් ගුණයක් විශාල ටොන් අනූවක් බර ඇති ටයිටැනසෝර් නැමැති ශාකභක්ෂක පාද හතරෙන් ගමන් කළ දැවැන්ත ඩයිනසෝරයන් ගොදුරු කර ගත් බවට ද සාක්ෂි හමුවී ඇත. බසයකට වඩා දිගය.
ජයිගැන්ටෝසෝරස් පොසිල අස්ථි හමුවී ඇත්තේ ආජන්ටිනාවෙනි. ජයිගැන්ටෝසෝරස් ' දකුණේ විසූ උරගයා' යනුවෙන් ද හැදින්වෙයි. උස මීටර් 5 ක් හෝ 6 කි. දිග මීටර් 13 ත් 15 ත් අතර. බර ටොන් 6 ත් 10 ත් අතර. මෙතෙක් හමු වී ඇති දැවැන්තම මාංශභක්ෂක ඩයිනසෝරයා වන්නේ ද මේ සත්වයාය. මුලින්ම ජයිගැන්ටෝසෝරස් පොසිල අස්ථි සොයා ගත්තේ පොසිල විද්‍යාඥයන් රොඩොල්ෆෝ කොරියා සහ ලියනාඩො සැල්ගඩෝය. ඒ, 1995 වසරේදීය බිහිසුණු යෝධ උරගයකු වීම නිසා ඔවුහු මේ සත්වයා ජයිගැන්ටෝසෝරස් කරොලිනී යනුවෙන් නම් කළහ.
No comments:
Post a Comment