වන විනාශය ආදී මිනිස් ක්‍රියාකාරකම් නිසා ලෝකයේ සත්ව සහ ශාක විශේෂ වදවීමේ තර්ජනයට මුහුණ දී සිටි. ඇතැම් ජීවින් සහ ඇතැම් ශාක වර්ග සදහටම ලොවෙන් සමුගෙන ගොස් අවසන්ය. අපේ ඇස් පනාපිටම සත්ව සහ ජීවීන් මෙසේ වද වී යද්දී පසුගිය වසරයන් තුළ ලොව නන්දෙසින් නව සත්ත්ව සහ ශාක විශේෂ කිහිපයක් සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වීම සතුට ට කරුණකි. මෙම සත්ව සහ ශාක විශේෂ අතර හැරී පොටර් කතා මාලාවේ දකින්න ලැබුණු මැජික් තොප්පියක් සහ සාමාන්‍ය පෙනුමැති මකුළුවෙක් , පාද හාරසිය ගණනක් ඇති හැකරැල්ලාක්, කොළයක් වැනි පෙනුමැති රෝස පැහැති කෘමියෙක්, මුහුදු පතුලේ අමුතු පණුවෙක් ආදීහු මෙම නව ජීවින් අතර සිටි මෙම නව සත්ව සහ ශාක විශේෂ පිළිබඳ විස්තර රැස් කිරීමට හා ඒවා ප්‍රසිද්ධියට පත්කිරීමට නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයේ පරිසර විද්‍යා අංශය ආසියාවට අයත් ඉන්දියාවෙන්, ඉන්දුනීසියාවෙන්,ලාඕසයේන් සහ මැලේසියාවෙන් පමණක් නොව මෙක්සිකෝවෙන්,ඇමෙරිකාවෙන්, බ්‍රසීලයෙන්,කොලොම්බියාවෙන්, ඕස්ට්‍රේලියාවෙන් සහ පැපුවා නයිජිරියාවේන් මෙම නව සත්ව සහ ශාක හමුවී ඇතැයි නිව්යෝර්ක් විශ්ව විද්‍යාලෙ පරිසර විද්‍යා අංශය නිවේදනය කරයි. එම ජීව විශේෂ අතරින් කැපී පෙනන දහ දෙනෙකු ගැන විස්තර පමණක් මෙම සටහනට ඇතුළත් වෙයි පසුගිය දශකයන් පුරා මේ අයුරින් හමු වුණු සත්ව සහ ශාක විශේෂ 2,000,000 කි.
හැරි පොටර් මකුළුවා
අමුතු හැඩයෙන් යුත් මෙම මකුළුවා හමුවී ඇත්තේ ඉන්දියාවේ කර්ණාටක ප්රාන්තයේනි. මේ අමුතු අපුරු සත්වයා හැරී පොටර් මකුළුවා යැයි නම් කර ඇත්තේ උගේ හැඩය හැරීපෝටර් චිත්‍රපට මාලාවේ දකින්න ලැබෙන මායා තොප්පිය සිහිගන්වන නිසාය. සත්ව විද්‍යාලයේන් මෙම නව මකුළුවා එරියෝවික්සියා ග්රිෆින්ඩෝරි යනුවෙන් ද නම් කර ඇත්තේ ඒ එහෙයිඒ හෙයිනි ප්‍රමාණය මිලි මීටර් 7 කි.වේලුනු කොල අතරේ සැඟවී ජීවත්වන මෙම මකුළුවා ක්‍රියාකාරී වන්නේ රාත්‍රියට ය. වේළුණු කොළයක පෙනුම ඇති නිසා සැඟවී සිටීමට මෙම මකුළුවන් දක්ෂයෙකි. ඉන්දීය සොබාවිද්යා ජාවේද් අහ්මද් ඇතුළු ඉන්දීය විද්‍යා කණ්ඩායමක් විසින් මෙම "හැරි පොටර් මකුළුවා" සොයා ගන්නා ලදී.
රෝස පාට කොළ කෘමියා
යුලෝපොපිපම් කර්කි යන සත්ව විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම කෘමියා සොයාගෙන ඇත්තේ මැලේසියාවේනි. මේ සත්ව විද්‍යාඥයන් පිරිසක් බෝනියෝ දුපතේ සර්පයන් සහ දිවි මකුළුවන් සොයමින් ගවේෂණයක යෙදෙද්දී පීටර් කර්ක් නැමැති ඡායාරූප ශිල්පියා සිහිගන්වමින් මෙම සත්වයා නම්කර ඇත. සිරුරේ පැහැය යොදා ගනිමින් ගස් අතරේ සැඟවී සිටින්නට මෙම සත්වයාට පුළුවනි.දිග මිලි මීටර් 40 කි. පිරිමි සතුන් කොළ පැහැති ය. රෝස පැහැයක් ගන්නේ ගැහැණු සතුන්ය.
සුලවෙසී මුල් මීයා
ඉන්දුනීසියාවේ සුලවෙසී දූපතේන් හමු වුණු මෙම මීයා ශාක සහ සතුන් ආහාරයට ගන්නා සර්වභක්ෂකයෙකි. බොහෝ මියන් මාංශභක්ෂකයෝය. මෙම මීයා සුලවෙසී දූපතට පමණක් ආවේණිකය. රවුම් හැඩයේ කන් සහ දිගු වලිගයක් මෙම මීයාට ඇත. සම දුබුරු පැහැති. මීයන් අයත් වන්නේ ලෑටිගාන සතුන් හෙවත් කෘදන්තයකයන්ටය. 2012 වසරේ සිට මේ දක්වා සුලවෙසී දුපතෙන් කෘදන්තකයන් පමණක් නොව නව ශාක විශේෂ රැසක් ද සොයා ගැනීමට විද්‍යාඥයෝ සමත් වී සිටිති. ග්රැසිලිමූස් රේඩ්ක්ස් යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වයි රෙඩ්ක්ස්' යනු ලතින් බසින් මුල්' යන අදහස ය.
මකර කුහුඹුවා
ලොව අතිශයින් ජනප්‍රිය 'ගේම් ඔෆ් ත්‍රොන්' රූපවාහිනි කතා මාලාවේ දකින්න ලැබෙන මකරුන් සිහිගන්වන නිසා ' පිඩෝලේ ඩ්‍රැගන්' යනුවෙන් හැදින් හැදින්වෙන මෙම සත්වයා නව කුහුඹු විශේෂයකි. පැපුවා නිව්ගිනියාවේ වැසි වනාන්තරවලින් හමුවී ඇත. මේ මකර කුහුඹුවා සොයාගැනීමට සත්ත්ව විද්‍යාඥයන්ට හැකි වී ඇත්තේ ත්‍රිමාණ තාක්ෂණයෙන් වනාන්තර සිතියම් ගත කරද්දි සොයාගෙන ඇත්තේ. ඔකිනාවා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් ය.
විස පත්තෑයා
මෙම විසකුරු පැත්තෑයා ස්ක්රොලොපෙන්ඩ්රා කැටරැක්ටා යන නමින් නම් කර ඇත. ආඳකු වගේ පිහිනා යන මෙම විෂ පත්තෑයා විල් ආශ්‍රිතව වාසය කරයි. අග්නිදිග ආසියානු රටවල වැසි වනාන්තර ආශ්‍රිතව දැකිය හැකි පත්තෑයෙකි. දිග සෙන්ටි මීටර් 20 කී. මෙම පත්තෑයා මුලින්ම සොයා ගනු ලැබුවේ පන්ඩන් සොබා විද්‍යා කෞතුකාගාරයේ මහාචාර්ය ජෝර්ජ් බෙකැලෝනී. ඒ තායිලන්තයේ දීය.
රජ මඩුවා
පොටාමොට්රයිගොන් රෙක්ස් යන නමින් හැඳින්වෙන මෙම මඩුවා මිලි මීටර 1110 ක් දිගය. හොදින් වැඩුණු සත්වයකුගේ බර කිලෝ ග්‍රෑම් 20 පමණ වනු ඇතැයි පැවසෙයි. කළු සහ දුබුරු පැහැයක් ගන්නා මේ සත්ත්වයාගේ සිරුරේ මතුපිට දීප්තිමත් කහ පැහැ ලප ද දකින්න ලැබේ. මිරිදිය මඩුවෙකි. බ්‍රසීලයේ ටොකැනින්ටන් ගංගාවෙන් සොයා ගත්තේ ය. ටොකැනින්ටන් ගංගාවෙන් මෙතෙක් සොයාගත් ජීවීන්ගෙන් 35% ක් එම ගංගාවට පමණක් ආවේණික යැයි පැවසේ.
කකුල් 414ක් ඇති හැකරැල්ලා
කකුල් 414ක් ඇති මෙම හැකරැල්ලා සොයා ගැනීමට හැකි වී ඇත්තේ ඇමරිකාවේ කැලිෆෝනියාවේ සිකෝආ ජාතික වනෝද්‍යානයෙන් යි. ඉලක්මේ 'ටොබීනී' යන සත්ව විද්‍යාත්මක නාමයෙන් මෙම සත්වයා නම් කර ඇත. තිරුවානා ගල් ලෙන තුළ මේම හැකරැල්ලා වාසය කරන බව පැවසෙයි. මේ සත්ත්වයා ගේ සිරුරෙන් විස වෑස්සෙයි.සතුරන්ට එරෙහි උපක්‍රමයක් ලෙස යොදා ගන්නා බව සත්ත්ව විද්‍යාඥයෝ පැහැදිලි කරති. කීන් ක්රෙජ්කා නැමැති සත්ව විද්‍යාඥයා විසින් මෙම හැකරැල්ලා සොයාගෙන ඇතැයි ද වාර්තා වේ.
චුරෝ මූදු පණුවා
සෙනෝටර්බෙලා චුරෝ යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම අසාමාන්‍ය රෝස පැහැති පණුවා නම් කර ඇත්තේ ස්පාඤ්ඤ පේස්ට්ර්යක් සිහිගන්වමිනි.මීටර් 3658 ගැඹුර මුහුදේ දී සොයා ගත්තැයි පැවසෙයි. සාගර ජීව විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ සාගරයේ ජීවය ආරම්භ වූ අවධියේ දී මෙම රෝස පාට පණුවා බිහිවන්න ඇතැයි කියාය. මෙම පණුවා විශේෂ හතරක් සොයාගෙන ඇති අතර මෙම පණුවා අදුරේදි දීප්තිමත් වන සතෙකි.
ලේ වෑස්සෙන තක්කාලි
කැපූ විට ලේ ගලන්නාක් මෙන් රතු පැහැති ඉස්ම නිකුත් කරන මෙම තක්කාලි වර්ගය පෙන්සිල්වේනියාවෙන් සොයාගත් බව පැවසෙයි. සොලැනම් ඔසිකෲඑන්ටම් යන විද්‍යාත්මක නාමයෙන් නම් කර ඇත. විද්‍යාඥයන් මෙම නව තක්කාලි විශේෂය නම් කළේ පෙන්සිල්වේනියාවේ පාසලක හත්වැනි ශ්‍රේණියේ දරුදැරියන් අතර ඒ සඳහා නමක් යෝජනා කරන්නැයි කළ ඉල්ලීමකට අනුවය. මෙම තක්කාලි ගස් මීටර් දෙකක් පමණ උසට වර්ධනය වන බව පැවසෙයි.
යක්ෂ ඕකිඩ්
ටැලිපෝගොන් ඩයබොලිකස් යන විද්‍යාත්මක නමින් හැඳින්වෙන මෙම ඕකිඩ් විශේෂ යක්ෂ හිසක හැඩය නිරැපණය කරයි. එහෙයින් යක්ෂ ඕකීඩ් මල යනුවෙන් නම් කර තිබේ. කොලොම්බියාවේ දකුණුදිග වැසි වනාන්තර වලින් මෙම මල සොයා ගෙන ඇතැයි පැවසේ.
No comments:
Post a Comment