ජාතික වෘත්තීය සුදුසුකම් ක්‍රමය හෙවත් N.V.Q හදුන්වා දෙන ලද්දේ තෘතීයික හා වෘත්තිය වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාව විසිනි. ඒ 2005 දිය. ශ්‍රී ලංකාව තුළ පවත්වනු ලබන විවිධ පුහුණු පාඨමාලාවලට ප්‍රමිතියක් ඇති කිරීමත්, ඒවාට ජාතික මට්ටමේ පිළිගැනීමක් ඇති කිරීමත් මෙහි අරමුණයි.
මූලික පුහුණු පාඨමාලා, සහතික පාඨමාලා, ඩිප්ලෝමා පාඨමාලා හා උපාධි පාඨමාලා සදහා ජාතික වෘත්තීය සුදුසුකම් ක්‍රියාත්මක වේ. ඒ අනුව ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම් හතක් යටතේ මෙම පාඨමාලා වර්ගීකරණය කර ඇත.
කුමන හෝ වෘත්තිය පුහුණු පාඨමාලාවක් හැදෑරීමේ දී ඒ සඳහා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ වෘත්තීය නිපුණතා මට්ටමක් ලබා ලබා ගෙන තිබේද? යන්න විමසා දැන ගැනීම අත්‍යවශ්‍යය. ඒ මගින් එම පුහුණු පාඨමාලාව සදහා ගත කරන කාලයත්, ඒ සදහා වැය කරනු ලබන මුදලත් ඵලදායි වේ.
ජාතික වෘත්තීය නිපුණතා මට්ටමක් යටතේ පුහුණු සහතිකය ලබා ගැනීමේ වැදගත්කම වන්නේ එය ශ්‍රී ලංකාව තුළ පමණක් නොව විදේශ රටවලදී පවා පිළිගැනීමට ලක් වීමයි. සෑම වෘත්තීය නිපුණතා මට්ටමකටම අයත් පාඨමාලා සඳහා ප්‍රමිතියක් මේ අනුව ක්‍රියාත්මක වේ.
ජාතික වෘත්තීය නිපුණතා N.V.Q මට්ටම
1,2,3,4,මට්ටම් - ජාතික සහතික පාඨමාලා 5,6 මට්ටම් - ජාතික ඩිප්ලෝමා පාඨමාලා 7 මට්ටම - උපාධි පාඨමාලා මේයින් 1,2,3,4 යන මට්ටම් හතරින් පළමුවැන්න රැකියාවන් සදහා පහසුකම් සලසනු ලබන මෘදු කුසලතා සිසුන් වෙත ලබා දෙයි. එනම් ඉංග්‍රීසි දැනුම, අන්‍යයන් සමග ගනුදෙනු කිරීමට අවශ්‍ය සන්නිවේදන හැකියාව, කණ්ඩායම් ලෙස වැඩ කිරීමේ පළපුරුද්ද ආදිය මේ මට්ටමේ දී ලබාදීමට අපේක්ෂා කෙරේ. මට්ටම ඉහළ යන විට මෙම නිපුණතා මට්ටම ද ඉහළ යයි. 5 හා 6 මට්ටමේ දී ලැබෙන්නේ ජාතික ඩිප්ලෝමා සහතිකයයි. උපාධිය 7 වැනි මට්ටමට අයත් වෙයි.
මෙයින් අදහස් වන්නේ ජාතික වෘත්තීය නිපුණතා ක්‍රමය යටතේ ඉගෙනීම ආරම්භ කරන කෙනෙකුට අවසානයේ දී උපාධියක් දක්වා සිය වෘත්තීය ඉගෙනුම ලබන්නට හැකි බවයි.
සම්ප්‍රදායික පුහුණු පාඨමාලා
රාජ්‍ය හෝ පෞද්ගලික අංශය විසින් පවත්වන ලද සාම්ප්‍රදායික පුහුණු පාඨමාලාවලට නිසි ප්‍රමිතියක් නොතිබිණි.එහෙත් රජයේ පුහුණු පාඨමාලාවල වගකීමක් හා පිළිගැනීමක් තිබිණි. විශේෂයෙන් රජයේ කාර්මික විද්‍යාල විසින් ක්‍රියාත්මක කරන ලබන පාඨමාලා යටතේ ලබා දෙන සහතිකවලට රජයේ වගකීමක් තිබේ. එහෙත් පෞද්ගලික අංශ විසින් මේ ආකාරයෙන් ක්‍රියාත්මක කරනු ලබන විවිධ පාඨමාලා සම්බන්ධයෙන් පොදු පිළිගැනීමක් හෝ ප්‍රමිතියක් නොතිබිණි. එපමණක් නොව ඒවා යටතේ පිරිනමනු ලබන සහතික සදහා වැඩ ලෝකය තුළ පොදු පිළිගැනීම ද නොතිබිණි . මේ නිසා සිදු වූයේ එම පුහුණු පාඨමාලා හදාරන දරු දැරියන්ගේ කාලය, ශ්‍රමය හා මුදල් අපතේ යෑමකී. ජාතික වෘත්තීය සුදුසුකම් ක්‍රමය යටතේ මෙම ගැටලුව සාර්ථක ලෙස විසඳා තිබේ.
N.V.Q පිහුණු පාඨමාලා
තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද පාඨමාලා පමණක් N.V.Q පුහුණු පාඨමාලා ලෙසින් හැඳින්විය හැකිය. ඒ අනුව ඒවායේ විෂය නිර්දේශය, පුහුණු සැලැස්ම, පුහුණු උපකරණ හා සම්පත්, පුහුණුකරුවන් හා ඔවුන්ගේ සුදුසුකම්, ඇගයුම් ක්‍රම, ලබාදෙන සහතිකය ආදී සියල්ල කොමිෂන් සභාව විසින් අනුමත කිරීමෙන් පසු පමණක් ඒවායේ N.V.Q මට්ටම පිළිගනු ලැබේ. N.V.Q පුහුණු පාඨමාලා සැලසුම් කරනු ලබන්නේ වැඩ ලෝකයේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදිය. එසේම ඒවායේ ඒවා නිරන්තරයෙන් නවීකරණය කරනු ලැබේ.
ජාතික නිපුනතා විෂයමාලා අන්තර්ගතය
දැනුම,ආකල්ප හා කුසලතා පාදක කරගෙන නිපුණතා පාදක විෂය මාලාවක් යටතේ ජාතික නිපුනතා මට්ටම් ලබාදෙනු ලැබේ. යම් ව්‍යාත්තිය පාඨමාලාවක් ජාතික නිපුණතා මට්ටමක් ලබාගෙන ඇත්නම් එහි විෂයමාලාව, ඉගැන්වීම් ක්‍රම, උපදේශකරුවන් ආදී සියල්ල තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් අනුමත කර අධ්යක්ෂණ කරනු ලැබේ. ඒ නිසා ජාතික නිපුණතා මට්ටම් ලබා ඇති වෘත්තීය පාඨමාලාවක් හැදෑරීම විශ්වාසයෙන් කළ හැකිය.
ජාතික නිපුනතා සහතික ප්‍රධානය
අනුමත නිපුණතා පාදක පුහුණු පාඨමාලාවක් හැදෑරීමෙන් පසු නිකුත් කරනු ලබන N.V.Q සහතිකය තෘතියික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල් හා අදාළ පුහුණු ආයතනයේ අධ්යක්ෂ අත්සනින් පිරිනමනු ලැබේ. ඒ ඒ සහතික ලාභීන් එම පුහුණු පාඨමාලාව යටතේ කුමක් නිපුණතා අත්පත් කර ගෙන සිටින්නේද යන්න සෑම සහතිකයකම සදහන් කර ඇත. එබැවින් ජාතික නිපුණතා මට්ටම් සහතිකය ශ්‍රී ලංකාව තුළ ඕනෑම ආයතනයකින් පිළිගනියි. එසේම ජාත්‍යන්තර වශයෙන් ද මෙහි පිළිගැනීම ඉහළ මට්ටමක පවතී.
ජාතික නිපුණතා සහතිකය පරීක්ෂාව
යම් කෙනෙකු විසින් ලබා ඇති ජාතික නිපුණතා සහතිකයේ සත්‍යතාව අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂා කිරීමට අවශ්‍ය පහසුකම් තෘතීයික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සලකා ඇත. යම් කෙනෙකුට සිය සහතිකය ගෙනයා නොහැකි අවස්ථාවක වුවත් එහි අංකය සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට ඉදිරිපත් කළ විට එය අන්තර්ජාලය ඔස්සේ විමර්ශන කළ හැකිය. මේ නිසා ජාතික නිපුණතා සහතිකය කිසිවෙකුට ව්‍යාජ ලෙස නිකුත් කළ නොහැක.
ජාතික නිපුණතා මට්ටම ක්‍රියාත්මක කිරීම
පාසලෙන් පිටවන දරුවකුට රජයේ කාර්මික විද්‍යාලයේ පැවැත්වෙන ජාතික වෘත්තීය නිපුණතා 1,2,3,4 පාඨමාලා හැදෑරිය හැකිය. එයින් පසුව රජයේ විද්‍යායතනයක පැවැත්වෙන ජාතික වෘත්තීය නිපුණතා 5 හෝ 6 මට්ටමේ ජාතික ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීමේ අවස්ථාව උදාවේ.
එසේත් නැත්නම් පාසලින් ලබා ගන්නා උසස් පෙළ ප්‍රතිපල මත සෘජුවම රජයේ තාක්ෂණවිද්‍යාත්මක ජාතික ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරන්නට පුළුවන.
රජයෙ තාක්ෂණික විද්‍යායතනයකින් ලබා ගන්නා ජාතික ඩිප්ලෝමා සහතිකය වෘත්තීය තාක්ෂණ විෂ්වවිද්‍යාලයේ තාක්ෂණවේදී උපාධිය හදාරන්නට සුදුසුකමකි.








Harrah's Cherokee Casino & Hotel
ReplyDelete› 안산 출장마사지 › 강릉 출장안마 Cherokee Casinos › 경기도 출장마사지 › Cherokee Casinos Harrah's Cherokee Casino 성남 출장마사지 & Hotel has 2,722 rooms, all of which are located on 185 경산 출장안마 acres near Murphy, North Carolina. Harrah's Cherokee Casino