ලොව හොඳම රොබෝවරු - Tech Gedara

Tech Gedara

Tech Gedara is your go-to Sri Lankan blog for insights on technology, education, science, and more. Discover practical guides, news, and tips tailored to empower Sri Lankan readers with the latest in tech and learning.

Breaking

Home Top Ad

Post Top Ad

Tuesday, August 6, 2019

ලොව හොඳම රොබෝවරු


රොබෝ යන්ත්‍ර සූත්‍ර පමණක් නොව, මිනිසුන් සහ පෙනුමෙන් සමාන, පරිගණක හරහා සහ කෘතිම බුද්ධි පරිගණක වැඩසටහන් හරහා පණ ගැන්වුණු නොයෙක් නොයෙක් හරි අපූරු කාර්යයන් කළ හැකි රොබෝලා අපට අරුමයක් නොවේ. කෙසේ නමුත් එම කටයුතු මේ වනවිට සිදු වෙයි. අතීතයේ පටන් සිදුවුණු රොබෝ පරිණාමය අනාගතයේ දිනෙක තව තවත් දියුණු වෙනවා පමණක් නොව, මිනිස් අභිභවා යෑමට ද සමත්  වෙනවා නිසැකය. අද රොබෝ යන්ත්‍ර සූත්‍ර බොහෝ කර්මාන්තශාලාවල සේවකයන් ලෙස කටයුතු කරයි. සියුම් සැත්කම් කරනු  ලබන්නේද රෝමවරුන් විසිනි. තනි නොතනියට ගැහැණු රොබෝවරුන් පවා නිර්මාණය වෙයි. ලොව මෙතෙක් නිර්මාණය වී ඇති රොබෝ යන්ත්‍ර සහ රොබෝවරුන් අතරින් වඩාත් කැපී පෙනෙන සුවිශේෂි රොබෝවරුන් මෙම සටහනට ඇතුළත් ය.


මයිලෝ
මයිලෝ  මානවරූපී රොබෝ පොඩ්ඩෙකි. මයිලෝ නිපදවා ඇත්තේ ඇමෙරිකාවේ රොබෝකයිඩ් රොබෝ  නිර්මාණකරුවන්ය. මයිලෝ නිපදවා ඇත්තේ ඔටිසම් රෝගී දරුවන්ට පිහිට වීම සදහාය.
මයිලෝගේ උස අඩි දෙකකි. ඔටිසම් රෝගී දරුවන් සමාජයට එක් කිරීමේදී, මාපියන්ට, ගුරුවරුන්ට පමණක් නොව වෛද්‍යවරුන්ට එම දරුවන් සමග සම්බන්ධ වීම මෙම රොබෝ යොදාගනිමින් පහසුවෙන් කළහැකි වෙයි. රොබෝ සමඟ සම්බන්ධ වීම සිදුවන්නේ අයිපැඩ් යන්ත්‍රයක් හරහාය. මයිලෝගේ ඇස්වල චලන සන්වේදී කැමරා ඇත. ඒවා ඔටිසම් දරුවා නිරීක්ෂණය කරමින් දත්ත සැපැයීම සිදුකරයි. වෙනත් ප්‍රතිකාර ක්‍රමවේදවලට වඩා ඔටිසම් රෝගී  දරුවන් මයිලෝ යොදාගනිමින් ලොකු ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බව රොබොගේ නිර්මාණකරුවෝ පෙන්වා දෙති.


පෙපර්
2014 වසරේදී හදුන්වා දෙනු ලැබූ පෙපර් නමැති මානවරූපී  රොබෝ ලොවකා අතරේත් ජනප්‍රිය විය. මිනිසුන්ගේ හැඟීම් අවබෝධ කර ගනිමින් ඒවාට සාර්ථකව ප්‍රතිචාර දැක්වීමට සමත් ලොව පළමු රොබෝ ලෙස පෙපර් සැලකෙයි.
පෙපර්ගේ හිසේ එච්.ඩි. කැමරා දෙකකි. මයික්‍රෝසොෆෝන හතරකි. ත්‍රිමාණ සංනිවේදකයකි. මුහුණක ඉරියව් හදුනා ගැනීම, පුද්ගලයන් හදුනා ගැනීම පමණක් නොව, කටහඩ වෙනස් වීම් අනුව, පුද්ගලයන් තේරුම් ගැනීම පේපර්ට කළ හැකිවෙයි. ඇල්ඩෙබ්‍රාන් රොබෝ සමාගම විසින් පේපර් නිර්මාණය කරනු ලැබීය. මිනිසුන් සතුටින් තැබීම පේපර්ගේ මූලික අරමුණ විය. පෙපර් රොබොවෙකුගේ මිල ජපන් යෙන් 1,98,000 කි.

හොන්ඩා ඇසිමෝව්



රොබෝවරුන් සහ රොබෝ සංකල්පය ලොවට දායාද කළ විද්‍යාඥයා අයිසැක් ඇසිමෝව්ට ගරු කරමින් ජපානයේ හොන්ඩා සමාගම නිර්මාණය කළ " ඇසිමෝව් " මානවරූපී රොබෝවරුන්  අනෙක් සියලුම රොබෝවරුන් අභිභවා යයි. මොවුන් මානවරූපීය. එයින් අදහස් වන්නේ මිනිසාට බෙහෙවින් සමානයි යන්නය. හොන්ඩා විද්‍යාඥයන් සහ තාක්ෂණවේදීන් ඇසිමෝව් රොබෝ  නිර්මාණය ආරම්භ කළේ රොබෝගේ දෙපාවලිනි. ආරම්භයේදී දෙපා පමණක් නිර්මාණය විය. තාක්ෂණයේ දියුණුවත් සමග ඇසිමෝව් සෙමින් පරිමාණයට ලක්විය. සිරුර පෙට්ටියක හැඩයකින් නිර්මාණය විය. අද වනවිට සැබෑ මනුෂ්‍යයකු මෙන් පෙනුමක් ඇසිමෝව්ට ලැබි ඇත. ලොව දැනට සිටින සාර්ථකම මිනිස් රොබෝ ඇසිමෝව්ය.


එක්සෝ ජිටී
වෛද්‍ය ක්ෂේත්‍රයට එසේත් නැත්නම් විවිධ අපහසුතා ඇති රෝගීන්ට රොබෝ මෙවලම් වලින් සිදුකෙරෙන සේවය සුළුපටු නොවෙයි. ආබාධිත පුද්ගලයන්, හමුදා සොල්දාදුවන් සහ විවිධ ආබාධ සහ රෝගී තත්ත්වයන් නිසා සිරුර අප්‍රාණික වුණු පුද්ගලයන් සදහා සැකැසු පරිගණක ඇසුරින් ක්‍රියාකරන බාහිර සැකිලි ආධාරක කැපී පෙනෙයි.
ඇමරිකාවේ කැලිෆෝනියාවේ රිච්මන්ඩ්හි පිහිටි ' එක්සෝ බයෝනික්ස්' සමාගම නිර්මාණය කළ එක්සෝ ජිටී රොබෝ බාහිර සැකිල්ලට උපකාරී වෙන්නේ කශේරුකාට හානිවුණු සහ සිරුරේ ලේ කැටි සිරවීමෙන් ආබාධිත වී, එක්තැන් වුණු රෝගීන්ට ඇවිදීමටත් සහාය දීමටය. ඇවිදීමට උදව්වන්නේ බැටරියෙන් ක්‍රියාකරන මෝටර් මගිනි. එක්සෝ ජිටී බැලූ බැල්මට රොබෝවකු නොව, එය රොබෝ ඇදුම් කට්ටලයකි.




ස්පොට්
ස්පොට්  යනු යන බල්ලෙකුට හා සමාන බල්ලෙකුගේ ඉරියව් පෙන්නුම් කරන රොබෝවෙකි.
ස්පොට්  රොබෝට පාද හතරක් ඇත. මෙය නිර්මාණය කලේ ඇමෙරිකාවේ බොස්ටන් ඩියිනැමික්ස් රොබෝ සමාගමය. එය ගුගල් සමාගමට සම්බන්ධය. නිවසක් තුළ පමණක් නොව, නිවසින් පිට ඕනෑම තැනක ඕනෑම බාධකයක් මග හැර යැම ස්පොට්ට කළ හැකිය. කදු පල්ලම් තරණය පවා පහසුවෙන් කළ හැකිය. මිනිස් උපදෙස් අනුව ස්පොට් ක්‍රියාත්මක වෙයි. ස්පොට් මෙම සියලූ දස්කම් පෙන්වන්නේ සවි කර ඇති සංවේදක උපකාරී කර ගනිමිනි.ස්පොට් යොදා ගනිමින් ඉදිරියේ දි ෆයිඩෝ නැමැති රොබො  බලු සුරතලා වැඩි දියුණු කරමින් ලොවට හඳුන්වාදීමට බොස්ටන් ඩයිනැමික්ස්  සමාගම කටයුතු කිරීමට සූදානම් වෙයි.


ඔවුන්ගෙන් ගන්නා වැඩ
රොබෝවරුන් නොයෙක් නොයෙක් කාර්යයන් සදහා මිනිස් අපට සහාය දෙති. බෝම්බ නිශ්ක්‍රීය කටයුතු සදහා රොබෝ යන්ත්‍ර භාවිත කෙරේ. රූපවාහිනී තිරයක් සහ කැමරාවකින් සමන්විත මෙම රොබෝ යන්ත්‍ර දුරස්ථ පාලනයෙන් ක්‍රියාත්මක වෙයි.

වෛද්‍ය ක්ෂේත්‍රයට ( සැත්කම් සදහා ) රොබෝවරුන්ගෙන් සිදුවන මෙහෙවර අතිමහත්ය. ඊට අමතරව කර්මාන්තවල මෙන්ම අභ්‍යවකාශ ගවේෂණ සදහාද රොබෝ යානා යොදා ගැනෙයි. විශ්ව ගවේෂණයට යැවෙන්නේ රොබෝ යානාය. අද වනවිට අඟහරු කක්ෂයේ රැඳී සිටිමින් මෙන්ම අගහරු මතුපිට එහෙමෙහෙ යමින් ගවේශනයේ යෙදෙන රොවර් යානා පවා රොබෝවරුනය. 1976 වසරේ විශ්වය ගවේෂණයට යැවූණු වයිකින් යානා දෙක තවමත් ගවේෂණ කටයුතුවල යෙදෙන්නේ විශ්වයේ අද්දර පසුකර යමිනි.


ජිබෝ

ගෙදරදොර කටයුතු සහ දරුවන්ගේ වැඩකටයුතු පිළිවෙලකට කරගෙන යැමට මඟ පෙන්වන උදවුකාරයකු ලෙස ජිබෝ බටහිර රටවල ප්‍රකටය. ජිබෝ පෞද්ගලික සහයකයකු ලෙස ක්‍රියාත්මක වෙයි. නිවෙස්වලට  පැමිණි ලොව පළමු සමාජ රොබෝ යැයි ජිබෝ හඳුන්වා දී ඇත. ජිබෝ අතපය ඇති මානවරූපීයෙක් නොවේ. බැලූ බැල්මට ස්පීකර් කට්ටලයකි. ජිබෝට කළ හැක්කේ අවශ්‍ය පරිදි උපදෙස් දීම සහ කාලය කළමනාකරණය කිරීම පමණයි.




මෝලි
කෑම පිසීමට හපනෙකු ලෙස මොලි නැමැති රෝගෝ හදුන්වා දිය හැකිය. මෝලි මුළුතැන්ගෙයට සවි කෙරේ. මොලිට ඇත්තේ එක් අතකි. මොලි ඉයුම්පිසුම් වැඩ කරන්නේ ඉතා කඩිසරවය. නොදන්නා කෑමක් කෑමට ප්‍රිය කරනවා නම්, කළ යුත්තේ අවශ්‍ය දේවල් මෝලි ඉදිරියෙන් තබා, මූලික අවශ්‍ය උපදෙස් ලබාදීම පමණි. සියල්ල මොලිගේ අතින් සිදුවෙයි. අනාගතයේ මෝලි වගේ රොබෝවරුන් මුළුතැන්ගෙට රිංගද්දි, සූපවේදීන්ගේ රැකියා අනතුරේ වැටෙනවා නොඅනුමානය. මෝලි රොබෝගේ මිල පවුම් 50,000 ක් යැයි පැවැසෙයි.



විද්‍යා ප්‍රබන්ධ
ලොව පළමුවෙන්ම මානවරූපී එසේත් නැත්නම් මිනිස් රොබෝවරුන් කරළියට පැමිණ ඇත්තේ විද්‍යා ප්‍රබන්ධ වේදිකා නාට්‍යයකිනි. එය චෙක් වේදිකා නාට්‍ය නිර්මාණකරු කරෙල් කැපෙක්ගේ නිර්මාණයකි. 'රොසුම්ස් යුනිවර්සර් රොබොට්ස්' යන නමින් නම් කළ මෙම වේදිකා නාට්‍යය 1921 දී වේදිකාගත විය. මෙම නාට්‍යය පාදක කරගනිමින්
' මෙට්‍රොපොලිස් ' යනුවෙන් කළුසුදු චිත්‍රපටියක් නිර්මාණය විය. ඒ 1926 දීය. එහි මරියා නැමැති රොබෝ යුවතියක ප්‍රධාන චරිතය නිරූපණය කරන්නීය. ජෝර්ජ් ලුකාස්ගේ ස්ටාර් වෝර්ස් චිත්‍රපටියේ     ' සීත්‍රිපි ඕ' රොබෝ කිරීමට මරියා පාදක උණැයි පැවසෙයි. විද්‍යා ප්‍රබන්ධ කතා, චිත්‍රපට, රූපවාහිනීි කතා ඇසුරින් රොබෝවරුන් පමණක් නොව, අර්ධ රොබෝ අර්ධ මිනිස් යන්ත්‍ර පවා අපට දකින්න ලැබී ඇත. රොබොකොප් සහ ටර්මිනේටර් අර්ධ රොබෝ අර්ධ ' මිනිස් සයිබොග් 'වරුන්ය.



අයිසෙක් ඇසිමොව්
අයිසැක් ඇසිමෝව් ( 1920 සිට 1996) යන රොබෝවරුන් සම්බන්ධයෙන් පොත් ලියූ විශිෂ්ට ගණයේ විද්‍යා  ප්‍රබන්ධවරයෙකි.
රොබෝවරුන් අනාගතයේ දිනෙක මිනිස් වර්ගයා අභිභවා  යමින් ලෝකය ආක්‍රමණය කරාවි යැයි හෙතෙම විද්‍යා ප්‍රබන්ධ ලියුවේය. රොබෝවරු සම්බන්ධයෙන් නීතිරීති තුනක්ද හදුන්වා දුන්නේ ය.
රොබෝවරුන් කිසිම මනුෂ්‍යයෙකුට කිසිම ආකාරයක අනතුරක් නොකළ යුතුය සහ සෑම විටම අණ  පිළිපැදිය යුතුය. පළමු නීති දෙක වෙයි. රොබෝවකු තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ යුතු නමුත් පළමු සහ දෙවැනි නීතිය කැඩීම නොකළ යුතුයි යන්න තෙවැනි නීතියයි. මේ ගැන සඳහන් වන්නේ 'ඇසිමෝව්ගේ ' අයි රොබො ' කතාවෙනි. -
මෙම කතා කතාව ඇසුරින් චිත්‍රපට පවා නිර්මාණය වී ඇත.





No comments:

Post a Comment

Post Bottom Ad

Pages