ඔබ Apple Developer Conference එක Youtube හරහා නැරඹුවා නම් අප ඉදිරිපත් කරන ලිපියෙන් කියන දේ පිලිබඳ ඔබට අවබෝධයක් තිබේ.
Apple IOS 14 මේ වන විට iPhone,Apple watch,Apple Tab/I pad,Apple Computerවලට නිකුත් කර තිබෙනවා. Apple Developerලට මෙය Download කර Test කරන්න දැන් හැකියාව තිබේ. තවද Beta testerලටත් Download කරගෙන මේ දේවල් අත්විදින්න හැකියාවක් තිබෙනවා.
මේ ලිපියෙන් අප කතාකරන්නේ Apple IOS 14 අපට දැක බලාගැනීමට පුලුවන් සුවිශේෂී විශේෂංග පිලිබදාවයි. Apple සමාගම තමන්ගේ Operating System එක බොහෝ වේලාවට විශාල වෙනස් කිරීම්වලට භාජනය කරන්නේ නැහැ. බොහොම සරල භාවිතයන් සඳහා ඔවුන් මෙම Operating System එක තම පාරිභෝගිකයන් සඳහා නිර්මාණය කරනවා. එයාට බලපාන හේතු වන්නේ iPhone 4,5 භාවිතා කළ පාරිභෝගිකයෙකුට වුවද පහසුවෙන් ඇපල් ඉල්ල මෙන් හෝ ඇපල් ඉල්ල මෙන් හෝ නවතම ඇපල් අයි ෆෝන් එකක් භාවිතා apple iPhone එකක් භාවිතා කිරීමට කැමැත්තක් සිතෙන පරිදි සහ භාවිතය පහසුවෙන් මතක හිතෙන ලෙස ක්‍රමිකව මෙම operating system එකෙහි තිබෙන අංග Develop කරන ලදි. නමුත් මෙම IOS 14 දී Apple සමාගම් විසින් පමණ ඉක්මවා සිදුකර ඇති බව දැනට Beta version භාවිතා කරන පාරිභෝගිකයන් දනී. භාවිතාකරන්නෙකුට සිතෙන්නට පුළුවන් අවුරුදු කිහිපයකට කලින් Android phoneවල තිබුන සුවිශේෂී අංග නේද මේ Apple IOS 14 ඇවිත් තියෙන්නෙ කියා.
මගේ අවවාදය නම් IOS 14 Beta version එක ඔබ ඔබගේ iPhone එකට Install කිරීමට සිටී නම් එය සිදු නොකරන ලෙසයි; මොකද මෙම version එකෙහි යම් යම් දේ ඔබගේ iPhone එකේ ක්‍රියා නොකිරීමේ අවදානමක් තිබෙන නිසා. මෙහි දකින්නට හැකියාවක් තිබෙන පළමු වෙනස widgets. ඔබ දන්නවා ඇති iPhone සඳහා මින් පෙර widgets panel එකක් තිබුණු බව නමුත් මෙම version එකෙහි අපට මෙම widgets අපේ homepage එකට drag-and-drop කිරීමේ හැකියාව තිබෙනවා.අපට අපගේ homepage එකෙහි Icon සමග Widgets භාවිතා කළ හැක.මෙම Widgets යම්තාක් දුරට Customized කිරීමේ හැකියාවද පවතී.
ඊළඟ විශේෂාංගය App library මෙහිදී App Group වලට බෙදී තිබෙන ආකාරය දැක ගැනීමට හැක. මෙමඟින් අදාල group එකෙහි App එක ලේසියෙන් සොයා ගැනීමට හැක. තවද app search කිරීම සඳහා search bar එකක් ද මෙහි එකතු කර ඇත.
ඊළඟ සුවිශේෂී අංගය වන්නේ Picture in Picture මෙය Android Phone වල නම් අවුරුදු කිහිපයකට කලින් පැමිණි අංගයක් මෙයින් සිදුවන්නේ apps කිහිපයක් එකවර භාවිතා කිරීමේ හැකියාව උදාහරණයක් ලෙස youtube වීඩියෝ එකක් නරඹන ගමන් ඔබට Mail එකක් type කරන්න හැකියාවක් තිබේ .Apple සමාගම විසින් තේරුම් අරන් තිබෙනවා multitasking භාවිතය ප්‍රචලිත වෙලා තිබෙන බව. Apple iPhone එකක් භාවිතා කරන පරිශීලකයන් භාවිතා කරන තවත් අංගයක් වන i messages මෙහිදී conversion pin කර තැබීමේ හැකියාව තිබෙන අතර Group conversion පහසුකම වැඩිදියුණු කර තිබෙනවා. තවද මැසේජ් එකක් තුළ තවත් කෙනෙකු Mention කිරීමේ හැකියාව ද හැකියාවද Apple සමාගම විසින් ලබා දී ඇත අලුත් memojis සහ stickers කිහිපයක් i message වලට එකතු කර තිබෙනවා දැකගත හැක.
ඊලග විශේෂාංගය apple siri. මෙම version එකෙහි siri අපට මුළු iPhone තිරයේ ම දිස්වන ආකාරයට දිස් නොවේ.තවද siri අලුත් මුහුණුවරකින් මෙවර අපට දැකගත හැක.මෙහි තව web answer ලෙස අලුත් අංගයක් ද ඇතුළත් කර ඇත. Audio message පහසුකමද දැක ගත හැක.
මෙවර Safari browser එකට විශේෂ අංග කිහිපයක් එකතු කර ඇත Translate,Password monitoring system සහ Privacy Report (අප විසින් visit කළ වෙබ් අඩවි සහ එම වෙබ් අඩවි වල ගතකළ කාලය වගේ දේ පිළිබඳව වාර්තාවක්) එකක් අපට ලබා ගැනීමට හැකි වන ආකාරයට මෙම Browser එක වැඩි දියුණු කර ඇත.විශේෂ අංග ලෙස මෙම විශේෂාංග අපට දැක ගත හැක.තවද විවිධ අංග ගණනාවක් අපට මෙම IOS 14 හි දැකගැනීමට හැක.මෙම IOS 14 full version එක එළිදැක්වීමෙන් පසු මෙහි වෙනස්කම් සිදු ව ඇත්නම් අප විසින් නැවත ලිපියක් ගෙන ඒ.
Apple iOS 14 Trailer
No comments:
Post a Comment