විශ්වය අපි නොදන්නා අත්භූත හා අභිරහස්වලින් පිරීගිය තැනකි. එම අභිරහස් අතරින් තවත් එක් නොදන්නා නොපෙනෙන දෙයක් වන්නේ අදුරු පදාර්ථයි (Dark matter). මේ වන විට විද්‍යාඥයන් අඳුරු පදාර්ථ සෘජුව ම දැක නැති අතර වක්‍රාකාර ක්‍රම මගින් එවැනි අපට නොපෙනෙන අඳුරු පදාර්ථ කොට්ඨාසයක් ඇති බව තහවුරු කරගෙන ඇත.
දැන් අපි කතා කරමු මොනවද මේ අඳුරු පදාර්ථ කියලා
විශ්වය සමන්විත වන්නේ සාමාන්‍ය පදාර්ථ,අඳුරු පදාර්ථ, සාමාන්‍ය ශක්තිය හා අඳුරු ශක්ති මතයි. සාමාන්‍ය පදාර්ථ යනු අප දැක ඇති ඝන, ද්‍රව හා වායුය .සාමාන්‍ය ශක්තිය අප අත්දකින විවිධ ශක්තීන් ය.එනම් තාපය,ආලෝකය,විභව ශක්තිය වැනි දෑය.අඳුරු ශක්තිය යනු විශ්වය ප්‍රසාරණය වීමේ වේගය වැඩි කිරීමට උදව් වන ශක්තියකි . මේ අනුව පදාර්ථවලින් විශ්වයේ වැඩිම ප්‍රතිශතයක් ඇත්තේ අඳුරු පදාර්ථයි . මෙම ආලෝකය, රේඩියෝ ,X කිරණ,ගැමා කිරණ ආදී විද්‍යුත් චුම්භක විකිරණ උරා ගන්නෙවත් පිට කරන්නෙ වත් නොමැත. එම නිසා පෘථිවියේ ඇති දුරේක්ෂ වලට මේ අඳුරු පදාර්ථ ග්‍රහණය නොවේ. එහෙම නිසා අඳුරු පදාර්ථ පවතින බවට සාක්ෂි ලබාදෙන්නේ ගුරුත්වාකර්ෂණ බලයෙන්.
මන්දාකිණි වලින් ලබාගත් සාක්ෂි
පළමුව අපි බලමු මොනවද මේ මන්දාකිණි කියන්නේ කියලා. මන්දාකිණි යනු තරු ඒකරාශී වූ තැනකි. මන්දාකිනියේ මධ්‍යය වටා තරු හා දූවිලි අංශු ඇතුළු සාමාන්‍ය පදාර්ථය ගමන් කරයි. එසේ මන්දාකිණිය වටා වස්තුවල පරිභ්‍රමණය වේගය මධ්‍යයේ සිට ඈතට යන විට කෙමෙන් කෙමෙන් අඩු විය යුතුය. නමුත් විද්‍යාඥයන් කළ පරීක්ෂණවලින් අනාවරණය වූයේ මන්දාකිණිය මධ්‍යයේ සිට ඈතට ගියත් ඒ වටා යන තාරුකා දූවිලි අංශුවල පරිභ්‍රමණය වේගය වෙනස් නොවූ බවයි. එහෙනම් අපට පෙනෙන ස්කන්ධයට වඩා වැඩියෙන් නොපෙනෙන ස්කන්ධයක් ද මන්දාකිණිය තුළ ගැබ්ව ඇත. මෙම නිරීක්ෂණය මගින් අඳුරු පදාර්ථ පවතින බවට තහවුරු වෙයි ඊට අමතරව ඉලිප්සාකාර මන්දාකිණිවල ද අඳුරු පදාර්ථ පවතින බවට සාධක සොයාගෙන ඇත.
වස්තුවක ගුරුත්වාකර්ෂණය කෙරෙහි වස්තුවේ ස්කන්ධය බලපායි. ස්කන්ධය වැඩිවන විට එහි ගුරුත්වය ද වැඩිවේ. ඉලිප්සාකාර මන්දාකිණි වටා කෙල්වින් මිලියන ගණනක් උෂ්ණත්වයෙන් යුතු වායු වලා පවතින බව X කිරණ නිරීක්ෂණය මගින් සොයාගෙන ඇත. මෙම වායු රඳවා ගැනීමට නම් ඉහළ ගුරුත්වයක් අවැසිය. නමුත් එහි ඇති තරු හා අනෙකුත් දෑ වල ස්කන්ධය වායු රඳවා ගැනීමට අවශ්‍ය ගුරුත්වය සැපයීමට ප්‍රමාණවත් නොවේ. එනම් එම වායු රඳවා රඳවා ගැනීමට අවශ්‍ය ගුරුත්වය සැපයීමට අපට නොපෙනෙන අමතක ස්කන්ධයක් පැවතිය යුතුය. එනම් අඳුරු පදාර්ථ තිබිය යුතුය.
MACHO
ඇල්බට් අයින්ස්ටයින් ඉදිරිපත් කල සාමාන්‍ය සාපේක්ෂතාවාදය පෙන්වා දෙන්නේ ස්කන්ධය වැඩි වස්තුවල ගුරුත්වය හමුවේ ආලෝකය පවා නෑ වීමකට ලක්වන බවයි. අඳුරු පදාර්ථ එක්වී කැටිගැසී ගෝලාකාර වස්තු නිර්මාණය වූවා නම් (මෙවැනි වස්තු ද කිසි විටෙක නොපෙනේ) ඒවා තරුවක් ඉදිරියෙන් ගමන් කරන විට තරුවේ ආලෝකය නැමීමකට ලක් කරයි. එවිට තරුව කලින් පැවතියාට වඩා වැඩිපුර දීප්තිමත් වේ. මෙම වස්තුව උත්තල කාචයක් ලෙස ක්‍රියා කරයි. මෙවැනි වස්තුන් MACHO (Massive ,Compact Halo Objects) ලෙස හඳුන්වයි. එනම් විශාල හා ඝනකම් හේලෝ වස්තු ය වස්තු ය. හේලෝ යනුවෙන් හැඳින්වෙන්නේ මන්දාකිණි වටා ඇති රැස් වළල්ලක් වැනි ගෝලාකාර කොටසයි. අඳුරු පදාර්ථ මෙම කොටසේ ඇත. විද්‍යාඥයන් MACHO යැයි සැක කළ හැකි වස්තු ක්ෂීරපාය වටා සොයාගෙන ඇත.
අයින්ස්ටයින් වළල්ල
MACHO වල ආකාරයටම සාමාන්‍ය මන්දාකිණි හා මන්දාකිණි පොකුරු ක්‍රියා කරයි. එහිදී ඒවා පිටුපසින් ඇති මන්දාකිණි වලින් විහිදෙන ආලෝකය නැම්මකට ලක් කරයි.
එවිට යම් මන්දාකිණියකින් වැසීගිය ඊට පිටුපසින් ඇති මන්දාකිණියක් අපට වළල්ලක් ආකාරයට දිස්වේ. සමහරවිට වැසීගිය මන්දාකිණියෙන් තවත් ප්‍රතිබිම්බ කිහිපයක්ද
අයින්ස්ටයින් කුරුසය
කාචය ලෙ ගිය මන්දාකිණියෙන් ප්‍රතිබිම්භ හතරක් කුරුසයක් ආකාරයට කාච මන්දාකිණිය වටා දිස්වේ. එහිදී වැසීගිය මන්දාකිණියෙන් ප්‍රතිබිම්බ හතරක් කුරුසයක් ආකාරයට කාච මන්දාකිණිය වටා දිස්වේ. එහෙත් මෙලෙස මන්දාකිණි වලින් ආලෝකය නැම්මකට ලක් කිරීමට නම් ඊට අවශ්‍ය ගුරුත්වාකර්ෂණ බලය සැපයීමට පෙනෙන ස්කන්ධයට වැඩිපුර නොපෙනෙන ස්කන්ධයක්ද පැවතිය යුතුය. එනම් අඳුරු පදාර්ථ පැවතිය යුතුය.
අඳුරු පදාර්ථ වර්ග දෙකක් තියෙනවා
එනම් සීතල හා උණුසුම් අඳුරු පදාර්ථයි. සීතල අදුරු පදාර්ථ වල ස්කන්ධය සාපේක්ෂව වැඩිය. එම නිසා ඒවාට චලිත වීමට අපහසුය. එම නිසා එම අඳුරු පදාර්ථ වලට අඩු ශක්තියක් ඇත. "ඇක්සියෝන්" හා "ෆෝටිනෝ" ලෙස සීතල අදුරු පදාර්ථ වර්ග දෙකක් ඇත. උණුසුම් අදුරු පදාර්වල ස්කන්ධය අඩුය. එම නිසා එයට ලේසියෙන්ම චලිත වීමට හැකිය. එම නිසා එයට ඉහළ ශක්තියක් ලබා ගත හැක.නියුට්‍රිනෝ උණුසුම් අදුරු පදාර්ථ වලට එක් උදාහරණයකි. මේ අතරින් මන්දාකිණි නිර්මාණයට වැදගත් වූයේ සීතල අදුරු පදාර්ථයි. එම අභ්‍යවකාශයේ විසිරුණු දූවිලි කැටිකොට මන්දාකිණි සෑදීමට දායක විය. අපිට සීතල අදුරු පදාර්ථ දැකිය නොහැකි වුවත් නියුට්‍රිනෝ හදුනාගත හැකි දුරේක්ෂ නිර්මාණය කර ඇත. දක්ෂිණ ධ්‍රැවයේ ඇති ice cube අනාවරණය ඊට උදාහරණයකි. නියුට්‍රිනෝ හදුනාගත හැක්කේ ඒවාට ඉහළ ශක්තියක් ඇති හෙයිනි.
No comments:
Post a Comment