Web Hosting එකක් කියන්නේ මොකක්ද ?
අපිට වෙබ් අඩවියක් අන්තර්ජාලයේ පළ කරන්න අපේ වෙබ් අඩවියට අදාල දත්ත එහෙමත් නැත්තම් අපේ වෙබ් අඩවියේ Files අන්තර්ජාලයට සම්බන්ධ පරිගණකයක තැන්පත් කරන්න වෙනවා.
web hosting එකක් කියන්නේ මෙන්න මේ පැය 24 ම අවුරුද්දේ දවස් 365 ම අන්තර්ජාලයට සම්බන්ධ පරිගණකයක අපි ලබාගන්නා ඉඩට. මේ පරිගණක හඳුන්වන්නේ web server කියලා ය.
ඒ වගේම වෙබ් හොස්ටින් සේවා සපයන්නා කරන්නේ අපිට ඔවුන්ගේ සර්ව ඒකක ඉඩ ලබා දීලා ඒ වෙනුවෙන් යම් මුදලක් අපෙන් අය කරන එක.
කොහොමද Web Hosting එකක් වැඩ කරන්නේ ?
අපි වෙබ් හොස්ටින් සේවා සපයන්නාගෙන් ලබා ගත්ත Host එක තුළ අපේ වෙබ් අඩවියට අදාල දත්ත ගොනු ගබඩා කරනු ලබනවා.
ඊට පස්සේ යම් පුද්ගලයෙක් අපේ වෙබ් අඩවියේ ලිපිනය මගින් අපේ වෙබ් අඩවියට පිවිසීමට ඉල්ලීමක් කරන කොට අපේ host ඒක මගින් ඒ සඳහා අවශ්‍ය දත්ත යොමු සැපයීම සිදු කරනවා.
web hosting එකක් ලබා ගන්නේ කොහොමද ?
අන්තර්ජාලය තුල වෙබ් Hosting සේවා සපයන්නන් දහස් ගණනක් සිටිනවා. ඔබට Web Hosting එකක් ලබාගැනීමට අවශ්‍ය නම් ඔබ කල යුත්තේ Web hosting සේවා සපයන්නෙකුගේ වෙබ් අඩවියකට පිවිස එහි තිබෙන පැකේජ් අතුරින් ඔබට අවශ්‍ය Hosting වර්ගය සහ අවශ්‍ය පහසුකම් සහිත Package තෝරා අදාළ මුදල ගෙවීම පමණයි.
Hosting වර්ග මොනවාද?
Hosting සේවා සපයන්නෙක් සාමාන්‍යයෙන් Hosting වර්ග කිහිපයකින් Hosting ලබා දීම ලබා දීම සිදු කරනවා Hosting වර්ග තීරණය වෙන්නේ ඔබ විසින් ඔබේ වෙබ් අඩවියේ දත්ත ගබඩා කිරීමට තෝරා ගන්න Server එක අනුවයි.
Shared Hosting, Dedicated Hosting,VPS Hosting,Cloud Hosting වර්ග කිහිපයක් තියෙනවා.
Shared Hosting
Shared hosting එකක් කියන්නේ එකම Server එකක් කොටස් වලට බෙදලා කිහිප දෙනෙක්
හවුලේ භාවිතා කරන හොස්ටින් එකකට ඒ කියන්නේ මේ සර්වර් එක තුළ අඩංගු වෙන්නේ ඔයාගේ වෙබ් අඩවියේ දත්ත විතරක්ම නෙවෙයි තවත් අයගේ වෙබ් අඩවිවල අදාල දත්ත මේ සර්වර් එකේ වෙන වෙනම කොටස් වලට ගබඩා කරලා තියෙනවා. HDD drive එකක් C/D/E/F වගේ කොටස් වලට වෙන් කරල වෙන වෙනම දත්ත ගබඩා කරනවා වගේ වැඩක් තමයි මෙතැනදී සිදු වෙන්නේ ඒ වගේම පොදුවේ භාවිතා කරන නිසා පාරිභෝගිකයාට server එකේ සම්පත්වලින් සීමිත ප්‍රමාණයක් තමයි භාවිතයට අවසර ලැබෙන්නේ. මේ hosting වර්ගය තමයි වැඩියෙන්ම ජනප්‍රිය සහ සාපේක්ෂව අඩු මිලකට ගන්න පුලුවන් Hosting වර්ගය වෙන්නෙත්.
VPS Hosting
shared හොස්ටින්ග් එකකට අකමැති dedicated hosting එකක් ගන්න තරම් වත්කමක් නැති කෙනෙක්ට ගැලපෙන hostin වර්ගය තමයි VPS hosting කියන්නේ.මේකෙදි වෙන්නේ දත්ත මධ්‍යස්ථානයක තියන server එකක කොටසක් එයටම වෙන් වූ මෙහෙයුම් පද්ධතියක් සහ එයටම වෙන් වූ දෘඩ තැටියක් (HDD disk) සහිතව ක්‍රියාත්මක වෙන Hosting එකකට.
මෙහිදී ඇත්තට එක පරිගණකයක් තුළ virtual ආකාරයෙන් තවත් පරිගණකයක් නිර්මාණය කිරීමක් තමයි සිදුවෙන්නේ. මෙහිදී භාවිතා කරන්නාට ලබාදී තිබෙන ඉඩ ප්‍රමාණය තුළ Dedicated hosting එකක් මෙන් තමන්ට අවශ්‍ය පරිදි අවශ්‍ය කටයුතු කර ගැනීමේ හැකියාව ලැබෙනවා. මෙය Dedicated hosting එකක් තරම්ම මිල නොවුනත් Shared Hosting එකට වඩා තරමක් මිලෙන් වැඩි තේරීමක් වෙනවා.
Dedicated Hosting
තමන්ටම කියලා වෙනම සම්පූර්ණ server එකක්ම ගන්න එක තමයි මෙතැනදී සිද්ධවෙන්නේ මෙහිදී ඔයාට server එකේ සම්පූර්ණ පාලනය ලබා දෙනවා shared Hosting එකකදි සේවය සපයන්නන් විසින් ඇතුලත් කරලා තියෙන මුදුකාංග සහ විශේෂාංග විතරයි අපිට භාවිතා කරන්න පුළුවන් වෙන්නේ නමුත් Dedicated hosting එකකදී තමන්ට අවශ්‍ය ඕනෑම මෘදුකාංගයක් හෝ ඕනෑම විශේෂාංගයක් සර්වර් එකට ඇතුලත් කිරීමේ පහසුකම භාවිතා කරන්නට ලැබෙනවා. මේ Hosting වර්ග ඉතාම මිල අධිකයි.
Cloud Hosting
Cloud hosting කියන්නේ මොකක්ද කියන්න කලින් අපි Cloud එකක් කියන්නෙ මොකක්ද කියල පැහැදිලි කරගෙනඉමු ඇත්තටම Cloud එකක් කියන්නේ භෞතිකව පෙන්නන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ කියන්නේ අපි Server එකක් ගත්තොත් මෙන්න මේ Dedicated server එකක් කියලා කියන්න පුලුවන් උනත් Cloud එක එහෙම පෙන්නන්න බැහැ Cloud එකේදී සිද්ධවෙන්නේ අපේ යම් දත්තයක් ලෝකෙ පුරා තිබෙන පරිගණක කිහිපයකම ගබඩා වෙන එක. එතකොට අපිට ලෝකේ ඕනෑම තැනක ඉදලා අන්තර්ජාල සම්බන්ධතාවක් භාවිතා කරල මේ දත්ත පරිශීලනය කරන්න පුළුවන්.
දැන් බොහෝමක් Hosting සේවා සපයන්නන් විසින් ලබාදෙන Cloud hosting ආරක්ෂාව අතින් වගේම වේගවත් බව අතින් ද වැඩි හොස්ටින් වර්ගයක්.
Hosting මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
Storage (ධාරිතාව) web hosting එකක ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන කරුණු තමයි ඔබට ලැබෙන ධාරිතාව.
මෙහිදී සාමාන්‍යයෙන් 500MB සිට ධාරිතාව Unlimited දක්වා ධාරිතාවන් සේවා සපයන්නන් විසින් ලබාදෙනු ඇත .මෙහිදී 500MB 1GB හෝ වෙනත් GB ප්‍රමාණයක් ලබාදීම ප්‍රායෝගික වුවත් සීමාරහිත (Unlimited) යන්නෙන් එතරම් සත්‍යතාවක් නැති බව ඔබට සිතෙන්න පුළුවන්.බොහෝවිට Unlimited ධාරිතාවයක් ලබාදෙනව යැයි පවසන සේවා සපයන්නන් ඇත්තටම ඔබට 25GB හෝ 50GB වැනි ප්‍රමාණයක ඉඩක් තමයි ලබාදෙන්නේ යම් අවස්ථාවක Unlimited ලබාදෙන පැකේජ් එක ධාරිතාව ඔවුන් ලබාදෙන ප්‍රමාණය ඉක්මවා ගියොත් වහාම ඊට වැඩි ප්‍රමාණයක ඉඩක් වෙන් කිරීමට සේවා සපයන්නන් වගබලා ගන්නවා.
Bandwidth - මාසයක් තුල ඔබට භාවිතා කළ හැකි දත්ත ප්‍රමාණය තමයි මෙයින් අදහස් වෙන්නේ වෙන්නේ මෙහිදී සේවාව සේවාව සපයන්නන් විසින් විවිධ ප්‍රමාණයේ Bandwidth සහිත පැකේජ් ලබා දෙන අතර Unlimited Bandwidth සහිත Package ද ඒ අතර වෙනවා. මෙහිදී සිදු වන්නේ ඉහත සඳහන් කළ Unlimited ධාරිතාවය ලබා දීමේදී සිදුවන ක්රියාවලියමයි. ඔබගේ මාසික දත්ත භාවිතය වැඩිවන තරමට ඔවුන් ඔබේ Bandwidth ධාරිතාව වැඩිකිරීමට කටයුතු කරනවා. Unlimited Bandwidth එකක් සහිත පැකේජයක් එහෙම වුනත් ඔබ යම් සීමාවකට යටත් පැකේජයක් ලබා ගත්තේ නම් ඔබේ එම සීමාවට වඩා වැඩි වූ මොහොතේම ඔබේ වෙබ් අඩවිය ක්‍රියා විරහිත වෙනවා මේ නිසා ඔබේ වෙබ් අඩවියේ භාවිතය අනුව ගැලපෙන තරමක් වැඩි Bandwidth එකක් තෝරා ගැනීම සුදුසු වෙනවා.
Backup පහසුකම - හදිසියේ හෝ ඔබ විසින් ගබඩා කරන ලද දත්ත විනාශ වීමක් හෝ මැකී යාමක් සිදු වුණොත් ඒවා නැවත ලබා ගැනීමට වෙනත් තැනක Backup කර තිබීම වැදගත් වෙනවා. මේ නිසා සේවා සපයන්නා විසින් Backup පහසුකම ලබා දෙනවාද සහ ලබා දෙන්නේ නම් එහි සීමාවන් මොනවාදැයි දැනුවත් වී සිටිය යුතු වේ.
Uptime - Server Uptime යනුවෙන් හඳුන්වන්නේ server එක දිගට ක්‍රියාවිරහිත වීමකින් තොරව ක්‍රියාකාරීව පවතින කාලය ප්‍රතිශතයට.
කාලයෙන් 99.99% ක්‍රියාකාරීව තිබෙන බවට සහතිකයක් ලබා දෙන සේවා සපයන්නෙකු ගෙන් සේවා ලබා ගැනීම සුදුසු වෙනවා.
Trust - ව්‍යාපාර වල නිරත වී ඇති කාලය - සේවා සපයන්න වැඩි වසර ගණනක් ව්‍යාපාරවල නිරත වී ඇති නම් විශ්වාසනීයත්වය පිළිබඳව යම් අදහසක් ලබා ගන්න පුළුවන්.
Customers -පාරිභෝගිකයන් - සේවා සපයන්නා විසින් මේ වන විට පාරිභෝගිකයන් කී දෙනෙකුට සේවා දෙනෙකුට සේවා සපයනවා ද යන්න සොයා බැලීම වැදගත් වෙනවා.
Reviews - පාරිභෝගික අදහස් - සේවා සපයන්නන් පිළිබඳව සේවා ලබාගත් පාරිභෝගිකයන් විසින් ලබා දී ඇති අදහස් විමසා බැලීම මගින් ද මගින්ද ඔබට සේවා සපයන්නා පිළිබඳව පිළිබඳව සහ ලබා දෙන ලබා දෙන සේවාව පිළිබඳව අදහසක් ලබා ගත හැකි වෙනවා.
Help & Support - සේවා සපයන්නා විසින් පාරිභෝගිකයන්ට ලබා දෙන සහය පිළිබඳව අවධානය යොමු කළ යුතු වෙනවා. සාමාන්‍යයෙන් Hosting සේවා සපයන්නෙක් 24/7 ඕනෑම වේලාවක සහාය ලබා දීමට සූදානම්ව සිටිය යුතු වෙනවා.
අමතර සේවාවන් - සාමාන්‍යයෙන් Web Hosting එකක් මිලදී ගැනීමේදී Email, විවිධ අමතරව සේවාවන් රැසක් ලබාගත හැකි වෙනවා. මේ නිසා ඔබ සේවා සපයන්නෙක් හෝ පැකේජය ලබා ගැනීමේදී ලබා දෙන අමතර සේවාවන් පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වෙනවා.
In this way, find a way to|you presumably can} ensure that that|be positive that} security protocols similar to encryption technology at all times to guard your data are in place. It additionally ensures that the web roulette gambling games you play have been thoroughly examined and confirmed dependable and safe. Number of Tables – Because any number of on line casino players in the nation can play at a stay roulette online Malaysia table, a 바카라사이트 web-based on line casino solely really wants to offer a single one. We do prefer it although if a on line casino website offers as many tables as potential.
ReplyDeleteAkismet is by a wide margin the most well known and best enemy of spam module for WordPress.
ReplyDeletehttp://wordpressctapro.com
My site is now integrated with my CRM. fort worth web design
ReplyDelete